Advertisement


සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර් මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා කරයි.

අද වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වන ආකාරය යම්කිසි ආකාරයට ඉන්දියාවට සමකළ හැකි මට්ටමක් යයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

යුරෝපයේ පැතිරීගිය වෛරස් ප්‍රභේදයට වඩා ඉතාම සීඝ්‍රයෙන් මෙවර වෛරසය පැතිර යාම ආරම්භ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

රෝගීන් වාර්තා වීම දිගින් දිගටම සිදු වූවොත් එය දරාගත නොහැකි තත්වයකට පත් වන බව ද ඒ මහතා පැවසීය.

එංගලන්තයේ සිට මෙරටට පැමිණි අයෙකු ඉහළ ප්‍රචාරණ හැකියාවක් සහිත නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

එම ප්‍රභේදය මුලින්ම සොයා ගැනුණේ එක්සත් රාජධානියෙන්.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිීලිකා මලවිගේ ඇතුළු කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණවලදී මෙය අනාවරණ වී ඇති බවයි.


කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී එළැඹෙන සතිය තීරණාත්මක බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා.

කොරෝනා ආසාදිතයකු මිය ගියහොත් එම මෘත දේහ ආදාහනය කිරීමටත් භූමදානය නොකිරීම මේ මොහොතේ වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශය කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.


ආසාදිතයන්ගේ වෛරස ප්‍රමාණය ඉතා ඉහළ බවත් කොරෝනා ව්‍යාපෘතියේදී මෙවර විශාල වශයෙන් පැතිරීමක් දක්නට ලැබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
හඳුනා නොගත් කොරෝනා ආසාදිතයන් තව දුරටත් රට තුළ සිටිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් පළමුවෙන්ම හඳුනාගත් දිවුලපිටියේ කාන්තාව එම කොවිඩ් ආසාදිත පොකුරේ පළමු ආසාදිතයා නොවන බව වසංගත රෝග විද්‍යාතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එසේම කර්මාන්ත ශාලාවේ සාමාජිකයන්ට පසුගිය 20 දා සිට ශ්වසන රෝග තිබී ඇති බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබූ බවත් සුදත් සමරවීර මහතා පැවැසීය.

රට තුළ නැවතත් කොරෝනා වෛරසය පැතිරී යාමේ ඉහළ අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ දැනටමත් රට තුළ කොරෝනා ආසාදිතයන් තුන් දහස් ගණනක් වාර්තා වී ඇති නිසා ඔවුන්ගෙන් ආසාදනය වූ කිසිවකු ඕනෑම මොහොතක සමාජයෙන් මතු විය හැකි බවයි.
කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය සඳහා සමාජ දුරස්ථභාවයක් තවත් වසර ගණනාවක් යන තුරු වුවද පවත්වාගෙන යා යුතු වනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මුඛ ආවරණයක් පමණක් පැලදුවා කියා වයිරසයෙන් ආරක්ෂා වීමට නොහැකි බවත් අනිවාර්යයෙන්ම සමාජ දුරස්ථභාවය රැකගත යුතු බවත් ඔහු පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements