Featured News

Video Gossip

Advertisement


කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මානසික රෝගයක් ඇතිදැයි පරික්ෂා කළ යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

ජය ශ‍්‍රී මහා බෝධි පරිශ‍්‍රයේදී අටමස්ථානාධිපති හිමියන් සමග ධම්මික බණ්ඩාර මහතා ඇතිවූ වාදය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ ආකාරයට හැසිරෙන්නේ විෂාධිය හා මායාකාරී පෞරුෂය යන මානසික රෝග වැළඳීමේ තත්ත්වයක් නිසා එමෙන්ම දැඩි ආතතිය හා මානසික ගැටලු ද මෙයට බලපාන බවත් වෛද්‍යවරයා ගේ අදහසයි.

කෙසේ වෙතත් ස්ථිරවම එය පැවසිය හැක්කේ රෝගියා පරීක්ෂා කර බැලීමෙන් පසුව යයිද ඔහු පෙන්වා දෙයි.

මානසික රෝගයක් නොමැති වුව ද වාණිජ අරමුණු වෙනුවෙන් දේව වරම් ලබා ඇති බව පවසන පුද්ගලයන් සිටින බවද වෛද්‍යවරයා පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements