Featured News

Video Gossip

Advertisement


කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න සිගරැට් කොටයක් නිසා පැතිර ගිය බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව දිනපතා පුවත්පතක් හෙළිකර තිබෙනවා.

ගින්න හටගත් ගොඩනැගිල්ලේ නීතිඥවරුන් සිටින ​ඉහළ මහලකින් හෝ සේවකයකු දැමූ සිගරැට් කොටයකින් ගින්න පැතිරුණද යන්න සොයා බැලීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේද විමර්ශන අරඹා ඇති බව එහි සඳහන්.,

ඉකුත් 15 වැනිදා සවස ඇති වූ මෙම ගින්න අහඹු ලෙස ඇති වූ ගින්නක් මිස කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ගිනි විශේෂඥවරයාගේ නිරීක්ෂණවලදී ද තහවුරු කර තිබෙනවා.

ගිනි නිවන හමුදාව ගින්න පාලනය කළ පසුව ගින්න හටගත් තැන කුණු අතරේ තිබී සිගරැට් කොට හතරක් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සොයා ගෙන ඇති බව සඳහන්.

අධිකරණ සංකීර්ණයේ සේවකයන් මෙම ස්ථානය සිගරැට් බොන තැනක් ලෙස භාවිත කර ඇති බවත් ඉහළ මහල්වල සිටින නිලධාරීන් සිගරැට් බී කොට විසි කරන තැනක් ලෙසද මෙම ස්ථානය භාවිත කර ඇති බවත් හෙළි වී තිබුණා.

මෙම ස්ථානයේ මෙට්ට ඇතුළු ගිනිගන්නා සුලු භාණ්ඩ රැසක් ද තිබී ඇති බව වාර්තා වනවා.

මේ අනුව ගින්න ඇතිවූයේ ඉහළ මහලකින් පැමිණි සිගරැට් කොටයක්ද නැති නම් සේවකයකු දමා ගිය සිගරැට් කොටයකින්ද යන්න තහවුරු කිරීම සඳහා තිස් දෙනකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර දැනට ප්‍රකාශ ලබා දුන් තිස් දෙනාම තමන් දුම් පානය නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබෙනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements