Featured News

Video Gossip

Advertisement


උණවටුන, රූමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ වැඩ සිටි 17 හැවිරිදි සාමණේර හිමිනමක් පෙරේදා (19දා) අලුයම කාමරයේ ඇද වැටී අපවත්වී ඇතැයි හබරාදූව පොලිසිය පවසයි.

මෙසේ අපවත්වී ඇත්තේ බුල්නෑවේ පියසුමන නමැති 17 වියැති සාමණේර හිමිනමකි.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී තරංග ද සිල්වා මහතා වැඩිදුර පරීක්‍ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා වාර්තාව ලැබුණු පසු අපවත්වීමට හේතුව ප්‍රකාශ කරන බව පවසා ඊයේ (20දා) විවෘත තීන්දුවක් ලබා දුන්නේය.

එසේ විවෘත තීන්දුවදීමෙන් පසු සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පොලිසිය සමග විහාරස්ථානයට ගොස් උන්වහන්සේගේ දේහය වැටී තිබූ ස්ථානය සහ ඒ අවට තවදුරටත් නිරීක්‍ෂණය කළේය.

මෙම සාමණේර හිමියන් පෙරේදා (19දා) අලුයම තම කාමරයේ සිට මීටර් පනහක් දුරින් කොරිඩෝවේ වැටී සිටියදී තවත් සාමණේර හිමිනමක් එය දැක විහාරාධිපති හිමියන්ට දැන්වීමෙන් පසු සිරුර කරාපිටිය රෝහල වෙත ගෙනැවිත් තිබිණි.

පසුව ගාල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා විහාරස්ථානයට පැමිණ මූලික පරීක්‍ෂණ පවත්වා කරාපිටිය රෝහලට ගොස් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියෝග කළේය.

හබරාදූව පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක විමල් මහතා පරීක්‍ෂණ පවත්වා ගෙන යන අතර මේ පිළිබඳ සාක්‍ෂි සටහන් කර ගැනීම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ජනවාරි 13 වන දිනට කල් තබන ලදී.

ෆර්හාන් නිසාම්දින් - ගාල්ල / එන්. ජී. ලියනගේ - අහංගම


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements