Advertisement


බන්ධනාගාර ගතකර සිටින දුමින්ද සිල්වා ද යහපත් කල් ක්‍රියාවෙන් යුතු කාණ්ඩයට වැටෙන්නේ නම් ඔහුද නිදහස් කිරීමට සූදානම් බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් එක් එක් පුද්ගලයන් ඉලක්ක කරමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකරන බවද ඔහු කියා සිටියේය.

දැනට බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන්ගේ යහපත් කල්ක්‍රියාව සලකා බලමින් සිදුකරන සමාලෝචනය වසර 20කින් පමණ ක්‍රියාත්මක වී නැති බවද ඔහු සඳහන් කළේය.

ඒ යටතේ මරණ දඬුවම හිමි සිරකරුවෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවමකටත්, ජීවිතාන්තය දක්වා සිර කරුවකු වූ වසර විස්සක දඩුවමකටත් අඩු වන්නේ යයිද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements