Featured News

Video Gossip

Advertisement


පෞද්ගලික අංශයේ සේවකයින් සඳහාත් එළඹෙන උත්සව සමය වෙනුවෙන් පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කෙසේ වෙතත් මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ, රාජ්‍ය සේවකයින් සහ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා එළඹෙන උත්සව සමය වෙනුවෙන් පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇති බවය.

ඒ අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු මගින් මෙම ණය සහන ලබා දීමට නියමිත අතර අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල ප්‍රධානීන් මගින් ණය අයැදුම් කරන නිලධාරීන්ගේ නාම ලේඛන සේවාස්ථානය අසල පිහිටි රාජ්‍ය බැංකු වෙත ඉදිරිපත් කිරීමෙන් මෙම ණය මුදල ලබා ගැනීමට ඉඩකඩ ලබා දී තිබේ. 

එමෙන් ම ත්‍රීරෝද රථ, පාසල් වෑන් සහ බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයට සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර සහන ණය මුදල ඉල්ලුම් කිරීමට හැකි බවත් එම කාණ්ඩයට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරතවූවන්ට ද සිය බැංකුවෙන් මෙම මූල්‍ය පහසුකම සඳහා ඉල්ලුම් කළ හැකි බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 

තව ද රජයේ විශ්‍රාමලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට ණය සම්පාදනය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පැවරේ.

උදාවන නත්තල හා නව වසර සැමරීම වෙනුවෙන් ලබා දෙන මෙම පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය 0.625ක පොලී අනුපාතයක් යටතේ මාස 10කින් ගෙවීමට යටත් වන පරිද්දෙන් ලබා දීමට නියමිතය. 

මසකට ආදායම රු. 50,000.00කට වැඩි සේවකයන් සඳහා රු. 50,000.00ක ණය මුදලක් ද රු. 25,000.00ත් රු. 50,000.00ත් අතර වැටුප් ලබන සේවකයන් සඳහා රු. 25,000.00ක ණය මුදලක් ද මසකට රු. 25,000.00කට අඩු වැටුප් ලබන සේවකයන් සඳහා රු. 10,000.00ක ණය මුදලක් ද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගැනීමට ඉඩ සලසා ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements