Featured News

Video Gossip

Advertisement


ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත්කරමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් නායක තිසර පෙරේරා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
ඒ අනුව ඉනිම ආරම්භ කළ ජොන්සන් චාල්ස් සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ලට වේගවත් ලකුණු 44ක් එක් කළා.

එම සබඳතාව බිදහෙළුවේ චාල්ස් ලකුණු 26කට දවා ගත් ධනංජය ලක්ෂාන්.

අනතුරුව පිටියට පිවිසි චරිත් අසලංක ලකුණු 10කට දැවී යද්දී අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම ලකුණු 27කට සීමා වුණා.

විටෙක ජැෆ්නා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 70ක් තුළ බිදවැටී තිබූ මොහොතේ පිටියේ එක්වූ ෂොයිබ් මලික් සහ ධනංජය ද සිල්වා සිව්වැනි කඩුල්ලට ලකුණු 69ක් එක් කරමින් ස්ටැලියන්ස් ඉනිමේ පදනම සැකසුවා.

ධනංජය ද සිල්වා ලකුණු 33ක් සහ ෂොයිබ් මලික් ලකුණු 46ක් රැස්කළා.

අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක තිසර පෙරේරා පන්දු 14කින් නොදැවී ලකුණු 39ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව 190ව සීමාව ආසන්නයට රැගෙන ගියා.

මේ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 188ක්.

ධනංජය ලක්ෂාන් ලකුණු 36කට කඩුලු 3ක් බිදහෙළුවා.

මිට අමතරව සඳකැන්, අමීර් සහ සහන් ආරච්චිගේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදීගියා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 7ක් තුළ බිදහෙලන්නට ජැෆ්නා ස්ටැලියන්ස් පන්දු යවන්නන් සමත්වුණේ තරගයේ වැඩි වාසි තමන් සතු කර ගනිමින්.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීයා වන ධනුෂ්ක ගුණතිලක අවසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ පන්දු යැවූ සුරංග ලක්මාල්, ධනුෂ්කගේ ශරීරයේ ගැටීම හේතුවෙන්.

ඒ නිසා දිව යන්නේ කුමන දිශාවට යන්න නොදැන සිටි ධනුෂ්ක දුවද්දී දවා ගන්නට ජැෆ්නා ක්‍රීඩකයින් කටයුතු කළේ ක්‍රීඩාවේ ජීව ගුණය ගැන ප්‍රශ්නාර්ථ මතු කරමින්.

බිදවැටෙමින් තිබූ ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිමට යම් ජීවයක් එක් කරන්නට ආබාධයක් සහිතව ක්‍රීඩා කළ නායක භානුක රාජපක්ෂ සහ ශෙහාන් ජයසූරිය සමත්වුණේ සිව්වැනි කඩුල්ලට ලකුණු 55ක් එක් කරමින්.

ආබාධය පසෙක දමා සිය කණ්ඩායමේ ජය වෙනුවෙන් ක්‍රීඩා කළ භානුක පන්දු 17කින් ලකුණු 40ක් ලබා ගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් ද සමගයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements