Featured News

Video Gossip

Advertisement


කෑගල්ලේ ධම්මික බණ්ඩාර නොහොත් ධනපාල මේසෙන් බාස් විසින් හඳුන්වා දී ඇති පැණිය කොරෝනා වෛරසය සදහා මෙතෙක් විද්‍යාත්මකව අනුමත කර නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
තවද සායනික පරීක්ෂාවකින් අනුමත වන තුරු එම ඖෂධ භාවිත නොකරන්නැයි ද ඇය ඉල්ලා සිටී. විද්‍යාත්මකව තහවුරු නොවූ සහ අනුමත නොකලද කිසිම දෙයක් ඖෂධ ලෙස බෙදා හැරීම හෝ භාවිතය නීති විරෝධි ක්‍රියාවක් යයි ද ඇය සඳහන් කරන්නීය.

නමුත් වත්මන් සෞඛ්‍ය ඇමති පවිත්‍රා මේසේන් බාස් පැණිය ප්‍රසිද්ධියේම පානය කොට වැරදි පූර්වා දර්ශයක් දුන් අතර සුදර්ශනීගේ කථාවෙන් පවිත්‍රාගේ රෙදි ගැලවී ඇත.

ලංකාවේ කෝවිඩ් උවදුර පැතිර යන මුල් අවස්ථාවේම මේ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ඇති බවත් ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස දේශීය වෛද්‍යවරු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. නමුත් කිසිදු බලධාරියෙක් ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගන්නා ලදී.

ලංකාවේ කීර්තිමත් හෙල වෙද මහතෙකු වසංගත උවදුර පැතිර යන මුල් අවස්ථාවෙදී Dependable intensive care unit (DICU)එකකින් සමන්විත ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක සැලැස්මක් ජනපතිපති ගෝඨාභයට යැවුවේය. නමුත් ඒ සදහා පිළිතුරක්වත් නොලැබුණි.ඉන්පසු ගෝඨාභයට සමීප කිහිප දෙනෙකු හරහා එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේය . නමුත් ඵලක් නොවුනි

තත්වය මෙසේ තිබියදී කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචි නැති , පාරම්පරික වෛද්‍ය සම්භවයක් නැති මේසන් බාස් කෙනෙකු කෝවිඩ් සඳහා බෙහෙතක් සොයාගත්තා යැයි ප්‍රකාශ ප්‍රකාශ කල පමනින් ඔහුට රාජ්‍ය අනුග්‍රහය ලැබුණි.

colomboxnews



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements