Featured News

Video Gossip

Advertisement


හැකි ඉක්මනින්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව පාසල් විවෘත කිරීමට කටයුතු කළ යුතු බවට වර්තමාන රජය දැඩි ස්ථාවරයක සිටින බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 20වන දින පන්නිපිටිය ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේ දී ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරප්‍රාප්ත ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ හමුවීමෙන් අනතුරු ව ය.

පාසල් විවෘත කිරීම සම්බන්ධ ව ස්ථිර ප්‍රකාශයක් ඉක්මනින් ම ලබාදීම සඳහා අපිට හැකි වේවි. ඇතැම්විට හෙට දිනයේ දී. මේ සම්බන්ධව ගරු නායක ස්වාමීන්වහන්සේගේන් ද උපදෙස් ලබා ගැනීම සඳහා මම පැමිණියේ. උන්වහන්සේගේ ද අදහස වුණේ හැකි ඉක්මනින් රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කරදීම පිණිස පාසල් ඉක්මනින් ම විවෘත කළ යුතු ය යන්නයි. මේ සම්බන්ධව සෞඛ්‍ය ඇමතිතුමිය, අමාත්‍යංශ ලේකම්තුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂජෙනරාල්වරයා සමඟ අපි මේ වනවිට සාකච්ඡා කරමින් යනවා. ඒ අය විසින් ලබාදෙන නිර්දේශ සහ මාර්ගෝපදේශයන්ට යටත් ව පාසල් විවෘත කිරීම සුදුසු බව නායක ස්වාමීන්වහනසේ ද දැනුම් දුන්නා.

රටේ පාසල් සියල්ල එකවර විවෘත කිරීම සිදුකළ හැකි දෙයක් නොවුණත් එය ක්‍රමක්‍රමයෙන් සිදු කළ යුතු යි. මේ වනවිට රටේ සියල්ල ම පාහේ යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා. අපේ රටට පමණක් නොවෙයි කොවිඩ් 19 සමස්ත ලෝකයට ම අභියෝගයක් වෙලා තියෙන්නේ. රජයක් විදියට වගේ ම රටක් විදියට ත් අපි මේ අභියෝගය ජය ගත යුතු යි. අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය තහවුරු කළ යුතු යි. පාසල් ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීමත් ඒ ඒ පාසල්වලට, විදුහල්පතිවරුන්ට සහ කමිටුවලට ලබාදෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධවත්, ඒ ඒ සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කිරීමේ අධිකාරී බලය පාසල්වලට ලබාදෙන ආකාරය සම්බන්ධව ත් අපි සාකච්ඡා කරනවා. යනුවෙන් ද පැවසී ය.

මාධ්‍යෙව්දියකු එම්.සී.සී. ගිවිසුම පිළිබඳ විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය;

“ඔව් අපේ අතිගරු ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට පැමිණෙන අවස්ථාවේ ම කිවුවා එම්.සී.සී.වලින් රට ගලවා ගන්නට සෘජු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා කියලා. එතුමා ඒ අනුව කටයුතු කළා. අපි දන්නවා එම්.සී.සී අත්සන් කරපු සමහර රටවල්වල ජනතාවට කම්කරුවන්ට බවට පත්වෙන්න සිදුවෙලා තිබෙන හැටි. එහෙම ලොකු අවධානමක් තියෙන නිසා ම එතුමා එම්.සී.සීය අත්සන් කිරීමට නොහැකි හේතු ඉතා ම පැහැදිලිව ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් විපක්ෂයෙන් මුලින් කිවුවා මොනව කිවුවත් හොරෙන් හරි ආණ්ඩුව එම්.සී.සීය අත්සන් කරනවා කියලා. දැන් කියනවා ඒක අහෝසි කලත් වෙන ක්‍රමයකට හරි ඒ දේවල්වලට එකඟ වෙයි කියලා. අපි රජයක් විදියට මෙන් ම අතිගරු ජනාධිපතිතුමා රටේ නායකයා විදියට සෘජු තීරණයක සිටින බව පැහැදිලිව පැවසිය හැකියි''යනුවෙන් ද පැවසීය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements