නෙදර්ලන්තයේ හිමි ඝාතනය කළා - උන්වහන්සේගේ මරණය සිය දිවි නසා ගැනීමක් නොවෙයි - අමථධම්ම හිමි [VIDEO]
gossip
,
mini-gossip
,
Netherlands
,
News
,
video
වසර 10ක් ලංකාවේ වැඩවාසය කළ නෙදර්ලන්තයේ ජිනවංශ ස්ථවිරයන් ශික්ෂාකාමී හිමිනමක් බවත්, උන්වහන්සේගේ මරණය සිය දිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවත් පූජ්‍ය අමථධම්ම හිමි අවධාරණය කර තිබෙනවා.
ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමියන් විසින් නිවේදනයක් නිකුත් කොට මෙම සිද්ධිය සිය දිවි නසා ගැනීමක් බව ප්‍රකාශ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, එය සම්පූර්ණයෙන්ම වැරද්දක් බවත් උන්වහන්සේ සදහන් කර සිටියා.
අභිරහස් ලෙස අපවත් වූ පූජ්‍ය අජාන් ජිනවංසෝ හිමියන්ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවත්, විමර්ශන නිසි ආකාරයට කළ නොහැකි නම් ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසියට හෝ බාරදෙන ලෙසත් උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.
පූජ්‍ය අමථධම්ම හිමි ගිහි සමයේ වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.

