Featured News

Video Gossip

Advertisement


කුරුවිට ගැමුණු හේවා බලකා කඳවුරු භූමයේ තිබූ බුදුපිළිම එම කඳුවුරේ අණදෙන නිලධාරීයාට ඉහලින් ලද නියෝග වලට අනුව ගිනිතබා විනාශ කර ඇති බව එම හමුදා කඳවුරේ බෞද්ධ කටයුතු පිළිබඳ අනුශාසක මිල්ලවිටියේ විජේසාර හිමි පවසයි.
මෙම හමුදා කඳවුරු භූමයේ තිබු බුදු පිළිමය පමණක් නොව එම කඳවුරු සංකීර්ණයේ නිලධාරීන්ගේ මෙන්ම සොල්දාදුවන්ගේ නිවස්න තුළ තිබූ බුදු පිළිම පවා මෙසේ විනාශ කිරීමට අණ දී තිබෙන බව විජේසාර හිමියෝ ප්‍රකාශ කරයි.

මේ පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වු මිල්ලවිටියේ විජේසාර හිමියන් ප්‍රකාශ කරන්නේ මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් රජය මගින් සිදුකල යුතු බවයි.

කුරුවිට හමුදා කදවුරේ බුදු පිළිමය ගිණි තබා ඉවත්කල බව නිවේදනයක් නිකුත් කරමින් යුධ හමුදාව පවසයි

කුරුවිට ගැමුණු හේවා බලකා කඳවුරු භූමියේ තිබූ බුදුපිළිම එම කඳුවුරේ අණදෙන නිලධාරීයා විසින් ගිනිතබා විනාශ කර බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් පිළිබඳව යුද හමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, එම බුද්ධ අනුරුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාපවල ප්‍රදර්ශනය කිරීම සඳහා තනන ලද අනුරුවක් බවයි.

වසර ගණනාවක් වෙසක් කලාපවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු තවදුරටත් ප්‍රදර්ශනයට නුසුදුසු තත්ත්වයේ පැවති බැවින් කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අනුශාසනා ලබාගෙන එය දෙසැම්බර් මස 16 වන දින ගිණි තබා විනාශ කල බව යුද හමුදාව සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම නිවේදනය මගින්ද හමුදා කදවුරේ තිබු බුදු රුවක් ගිණි තබා ඇති බව පිලිගනු ලබයි.

සාමාන්‍යයෙන් මෙවැනි බුදු පිලිමයක් ගලවා ඉවත් කරන ක්‍රමවේදයක් පවතින බවත් කිසිදු ලෙසකින්වත් මෙලෙස ගිණි තැබීම අනුමත නොකරන බවත් එය නියමිත පිලිවෙත නොවන බවත් මෙම සිදුවීමට එරෙහිව හඩ නගන බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙන්වා දෙයි


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements