Featured News

Video Gossip

Advertisement


කොත්තමල්ලි ආනයනය කරන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර යුක්රේනයේ සිට මෙරටට ගෙන්වා තිබූ රුපියල් මිලියන 75කට අධික වටිනාකමින් යුත් කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය බහාලූම් 28ක් ශ‍්‍රී ලංකා රේගු භාරයට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ඊයේ (24)   පැවසීය. 

ආනයනකරුවන් අටදෙනකු සඳහා මේවා ආනයනය කර ඇති බවත් මෙම සියලූම බහාලූම් ආනයනය කර ඇත්තේ යුක්රේනයේ පිහිටි Agronika Trade LLC ආයතනයෙන් බවත් සුනිල් ජයතරන් මහතා කියා සිටියේය.

මෙම බහාලූම්වලින් බහාලූම් 8ක් ශ‍්‍රී ලංකාවට රැගෙන විත් ඇත්තේ මේ මස 10 වැනිදා වන අතර ඉතිරි බහාලූම් 20 රැගෙනවිත් ඇත්තේ 21 වැනිදාය. නෞභාර ලේඛනය (Manifest) සහ අනෙකුත් නැව්ගත කිරීමේ ලේඛනවල මෙම අපද්‍රව්‍ය කොත්මල්ලි ලෙස ප‍්‍රකාශ කර ඇති අතර, යුක්රේනයේ පිහිටි කෘෂිකාර්මික නිෂ්පාදනවල තත්ත්වය තහවුරු කරනු ලබන State Service of Ukraine on Food Safety and Consumer Protection ආයතනය විසින් සුවස්ථතා සහතිකය (Phytosanitary Certificate) සහතිකයක් ද මේ සඳහා ලබාදී ඇති බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

මෙසේ ආනයන කරන ලද බහාලූම්වලින් 4ක් පරීක්ෂා කිරීමට එක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් මෙම අපද්‍රව්‍ය නිෂ්පාදිත රටට වෙනම ප‍්‍රතිඅපනයනය කළ යුතු බවත් මේ වන විට බහාලූම් 24ක් කොළඹ වරාය තුළත් ඉතිරි බහාලූම් 4 ශ‍්‍රී ලංකා රේගුවේ බහාලූම් පරීක්ෂා කිරීමේ අංගනයේත් තැන්පත් කර ඇති බවත් සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ශ‍්‍රී ලංකා රේගු අධ්‍යක්ෂක ජනරාල්, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. වී. රවිප‍්‍රිය, අතිරේක රේගු අධ්‍යක්ෂ ආනන්ද ඊෂ්වරන් සහ සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්‍ෂ එස්. පී. අයි. බාලසූරිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ශ‍්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය මේ පරීක්ෂණ මෙහෙයවයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements