Featured News

Video Gossip

Advertisement


සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, වෛද්‍යවරුන් හා ජාත්‍යන්තර සමාගමක් එක්ව කරගෙන ගිය පී.සී.ආර්. ජාවාරමේ ටෙන්ඩර් මගඩි ඇතුළු සැඟවුණු රහස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු කියා සිටියේ දැනටමත් මේ සම්බන්ධව හතළිහකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවයි.

එම පිරිසට වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරින්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ද අයත්.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දී ඇති රුපියල් දෙදෙහසට මිලදී ගත හැකි පී.සී.ආර්. කට්ටල තිබියදී රුපියල් හාරදහසක් ගෙවා ජර්මානු සමාගමකින් පී.සී.ආර්. කට්ටල මිලදී ගෙන ඇතැයි බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දී තිබුණා.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පනස්දහසක් කළ යුතු බවට රජයට යෝජනා කරමින් මෙම ජාවාරමේ නිරත වූවන් මහා පරිමාණ ගසා කෑමකට සූදානම් වී ඇතැයි හෙළිවීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර කෙරුණා.

ගතවූ සති අන්තය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ගිය අතර ඒ සඳහා රජය රුපියල් කෝටි 720කට වැඩි මුදලක් වියදම් කර තිබෙනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements