Featured News

Video Gossip

Advertisement


විවිධ වර්ගයේ ගිනිඅවි හා ජීවඋණ්ඩ තොගයක් නිවසේ ස`ගවා තබාගෙන සිටි බෙලිඅත්ත, නිහිළුව ප‍්‍රදේශයේ පදිංචි හිටපු වාරිමාර්ග ඉංජිනේරුවරයකු තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය 02 වැනිදා සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත, තාරපේරිය, නිහිළුව ප‍්‍රදේශයේ පදිංචි හිටපු වාරිමාර්ග ඉංජිනේරුවරයකු වන 72 හැවිරිදි දෙදරු පියෙකි.

සැකකරුගේ නිවසේ සිදුකළ සෝදිසියකදී නිවසේ තැන තැන සගවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවි 2ක්, මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක කොටස් කිහිපයක්, ගිනි අවිවල බැරලය සුද්ධ කිරීමට යොදා ගන්නා අගල් 32ක් දිග යකඩ කූරක්, කඩු දෙකක්, උල් පිහියක්, බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 30ක්, ටී 56 වර්ගයේ ගිනිඅවි සදහා භාවිත කරන ජීවඋණ්ඩ 15ක්, 303 වර්ගයේ රයිෆල් සදහා භාවිත කරන ජීවඋණ්ඩ 19ක්, මිලි මීටර් 9 වර්ගයේ ගිනිඅවි ස`දහා භාවිත කරන ජීවඋණ්ඩ 7ක් හා බෝර 12 වර්ගයේ ගිනිඅවි සදහා යොදන හිස් පතොරම් කොපු 12ක් තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ සැකකරු වැඩි කලක් වාරිමාර්ග ඉංජිනේරුවකු ලෙස අම්පාර, මහඔය ඇතුළු ප‍්‍රදේශවල රාජකාරි කළ බවත්, එම කාලයේදී විවිධ ස්ථානවලදී හමුවූ මෙම ගිනිඅවි එකතු කරගත් බවත්, ගිනිඅවිවලට ඇති ආසාව නිසා මෙලෙස රැගෙනවිත් නිවසේ තබාගත් බවත්ය. සැකකරු සන්තකයේ තිබී හමුවූ මෙම ගිනි අවි යොදාගෙන යම් අපරාධයක් සිදුකර ඇතිද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ගිනිඅවි හා ජීව පතුරම් ඇතුළු උපකරණ සමග අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා බෙලිඅත්ත පොලිසියට භාර දී තිබේ.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති හිශාන්ත ලාල් යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන (84229) දෑසමන්, (90539) පවන්, (92733) දිසානායක, (71452) ඉන්දික, (70732) සුදාරක, (80445) සුරංග යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements