Featured News

Video Gossip

Advertisement


විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ගසාකන මාෆියාවක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. 
“අතිගරු ජනාධිපතිතුමා විසින් වූහාන් වල ආදරණීය දරුවන් ගෙන්වන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් ඇරලා මේක පටන් ගත්තෙ. අද වෙනකොට සම්පූර්ණයෙන්ම අසාධාරණය විදියට මේ විදේශ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම කියන එක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා කණ්ඩායමක්. 

ඒ කණ්ඩායම ඉතාමත් නරක විදියට අර ලැයිස්තුවට නම දාන එකට සල්ලි ගන්න, කොළඹට ආවට පස්සේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයට යන එක ගැන කතා කරන්නෙවත් නැතුව සම්පූර්ණයෙන්ම ඒ අය තෝරාගත් හෝටල්වලට මේ අය ගෙනියන්න, ඒවායින් මුදල් හම්බකර ගන්න ගසාකන ව්‍යාපෘතියක් බවට මේක පත්වෙලා තියෙනවා. 

මේ රජය බලයට පත්කරන්න දැවැන්ත වෙහෙසක් මහන්සියක් ගත්ත විදේශ ශ්‍රමිකයින් විශේෂයෙන්ම කුවේට්, ඉතාලිය, ප්‍රංශය, අනෙකුත් යුරෝපීය රටවල්, මැදපෙරදිග රටවල් වල ඉන්න ආදරණීය ශ්‍රමිකයින් මේ ආණ්ඩුව බලයට ගේන්න අතිගරු ජනාධිපතිතුමාව බලයට ගේන්න දැවැන්ත මෙහෙයක් ගත්ත කට්ටිය. දැන් ඒ අය සම්පූර්ණයෙන්ම රජය පිළිබඳ කළකිරිලා තියෙනවා මේ වැඩසටහනත් එක්කලා. 

මම කියන්නේ පළවෙනි කාරණාව තමයි නිවාස තුළ නිරෝධායන කටයුතු කරන්න. ඒ කියන්නෙ පීසීආර් පරීක්ෂණයක් කරලා රෝගය වැළඳිලා නැත්නම් නිවාස තුළ නිරෝධායනය කරන්න. ඒකෙදි මොකක් හරි අපහසුතාවයක් තියෙනවා නම් ප්‍රාදේශීයව අපි ස්ථාන ලෑස්ති කරලා දෙන්නම් මේ නිරෝධායන කටයුතු කරන්න. දැන් ලක්ෂ දෙකක් ටිකට් එකට දීලා, තව පහලොස් දාහක් විසි දාහක් හොර ඒජන්ට්ලාට දීලා මේකෙ ලැයිස්තුවට නම දාගන්න, මෙහෙට ආවාට පස්සෙ දවසකට දොලොස් දාහක් පහලොස් දාහක් විතර හෝටලේක කාමරේකට දවස ගාණෙ දුන්නාම සාමාන්‍යයෙන් ලක්ෂ හතරක් හතරහමාරක් විතර යනවා එළියට එනකොට. 

මේක මහා ජාතික අපරාධයක්. මේක මේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සම්පූර්ණයෙන්ම විරුද්ධව කරන වැඩසටහනක්. ජනාධිපතිතුමා මේක නෙවෙයි කිව්වෙ. මේක මාෆියාවක්. මේක මාෆියාවක් !!” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements