Featured News

Video Gossip

Advertisement


සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් පාඨලී චම්පික රණවක මහතා එම මන්ත්‍රී කණ්ඩායමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තා වෙයි.

චම්පික රණවක මහතා විසින් ගොඩනගමින් සිටින වෙනම සංවිධානයක් සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධතා එල්ල වී තිබේ.
සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂද සිල්වා ආදීන් චම්පික රණවක මහතාට එරෙහිව දැඩිව විමසා ඇත්තේ චම්පික රණවක මහතාගේ මැදිහත්වීමෙන් හදන නව සංවිධානයේ පිරිස් වලට සමගි ජන බලවේගයට එක්වීමට නොහැක්කේ මන්ද යන්නයි.

ෆොන්සේකා මහතා විමසා ඇත්තේ මැතිවරණ අවස්ථාවේ දී එම සංවිධානයේ පිරිස් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළි නොගෙන වෙනත් අයෙකු නායකයා යැයි කිව්වොත් කුමක් වේ දැ යි යනුවෙනි.

වෙනම සංවිධාන හදන්ඩ කිසිවකු අවශ්‍ය නොවන බවත් සියලු දෙනාටම එකතුවිය හැකි වේදිකා කිහිපයක්ම සමගි ජනබලවේගය නිර්මාණය කර ඇති බවත් මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර තිබේ.

ඒ ආකාරයෙන් දැඩිව ප‍්‍රහාර එල්ල වෙද්දී රණවක මහතා එම මන්ත‍්‍රී කණ්ඩායම් හමුවෙන් නැගිට පිටත්ව ගොස් ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements