Advertisement


කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් පසු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවීමට හෙට්ටිපොළ කාර්යාලයට ගිය පුද්ගලයින් හත්දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් තිස්දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.
මොවුන්ගෙන් පුද්ගලයින් හතරදෙනෙකු ඇතුළු එම පවුල් රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි අය වන අතර, කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද නිරෝධායනයට යොමු කර ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ මෙම පුද්ගලයින් හත්දෙනා රාජ්‍ය අමාත්‍යවරයා හමුවීම සදහා මහජන දිනයේදී එම කාර්යාලයට ගොස් ඇති බවයි.

මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති මෙම පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කිරීමට නියමිත අතර, එම ප්‍රතිඵල වලට අනුව ඉදිරි පියවර ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

මේ අතර දයාසිරි ජයසේකර මහතා ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ආශ්‍රය කර ඇතැයි හඳුනාගෙන ඇත.

ජනවාරි 01 වැනිදා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමකට වී ඇත.

එමෙන්ම එම කාලයේදී ඔහු ජනාධිපති ලේකම් කාර්‍යාලයට ද ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය හෙළිකරගෙන තිබේ.

මේ දක්වා අමාත්‍යවරයාට කොරෝනා වැළඳුණු මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements