Featured News

Video Gossip

Advertisement


දැනට කොරෝනා ආසාදිත යයි හෙළිවී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය උපන් දිනය දා සැලකිය යුතු පිරිසක් එක් කරගෙන සාදයක් පවත්වා තිබේ.

පසුගිය 05 වනදා සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා ඇති මෙම සාදය සඳහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් හිතවත් ඇමතිවරුන් ද සහභාගී වී තිබේ.

අමාත්‍යවරයාගේ සමාජ ජාල ගිණුමේ එම පින්තූර පළ කර තිබේ.

උපන්දිනය වෙනුවෙන් කේක් කපන ඇමතිවරයා ඔවුන්ට කේක් කවන ආකාරය ද පින්තූර වල දැක්වෙයි.

රෝහල් යන්න බෑ කියා තවම නිවසේ

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.

එසේ පවසමින් ඇමතිවරයා මේ වන විට තම නිවසේ රැඳී සිටින බවද දැනගන්නට තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන් විසින් අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද ඇමතිවරයා පවසා ඇත්තේ තමන් නිවසට වී සිටින බවයි.

කෙසේ වෙතත් පවතින නීති රෙගුලාසි අනුව කොරෝනා ආසාදිතයන් රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු නිසා ඇමතිවරයා එම ස්ථානයකට ගෙන යාමට තවදුරටත් සෞඛ්‍ය බලධාරීන් උත්සාහ දරමින් සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements