Advertisement


එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව යළිත් පත්කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනන බව සිරිකොත ආරංචි මාර්ග පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන යළි පත් කර තිබෙනවා.
එහිදී පක්ෂයේ උප නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පත් කරගනු ලැබුවා.

මීට අමතරව, පක්ෂයේ මහලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පත් කර ඇති අතර, පක්ෂයේ සභාපති ලෙස පත් කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි.

ඒ.එස්.එම් මිස්බා පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පත් කර ඇති බවයි පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර සඳහන් කළේ.

එමෙන්ම වැඩබලන මහලේකම් ලෙස කටයුතු කළ ශමල් සෙනරත් පක්ෂයේ විධායක අධ්‍යක්ෂ ලෙස පත් කර තිබෙනවා.

අද මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements