Advertisement


විදේශගත සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාප්තිය ඇතුළත ගෙන එන ලද යුකේ‍්‍රන සංචාරකයන් 1004 දෙනාගෙන් කොරෝනා ආසාදිතව ඇත්තේ 03 දෙනෙකුට පමණක් බව කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
එනිසා ඔවුන් ගෙන් රට අවදානමට පත් වන්නේ යැයි පළවන මතවල පදනමක් නැතැයි ද ඒ මහතා කියා සිටියේ ය.

යුකේ‍්‍රන සංචාරකයන් පිරිසගේ කොරෝනා ආසාදිත ගේ ප්‍රතිශතය 0.3%ත් අඩු බවද ඔහු පැවසීය.

මෙම සංචාරකයන් වෙන්කර සංචාරක බුබුලක් ලෙස තබා ගන්නා බැවින් ශ්‍රී ලාංකිකයන්ට ඒ ගැන ගැටලුවක් වන්නේ නැති බව ද ඔහු කියා සිටියේය.

සංචාරකයන් මෙසේ යළි ගෙන්වීම ආරම්භ කරන ලද්දේ ජනතාවගේ අවශ්‍යතා සැපිරීම සඳහා විදේශ විනිමය ද අවශ්‍ය නිසා ය යි ද පැවසූ ඔහු මෙරට අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය පියවන්නේ ද සංචාරක ව්‍යාපාරය හා විදේශගත ශ්‍රමිකයන් බවද සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements