Featured News

Video Gossip

Advertisement


බලන්ගොඩ කිවුල වෙල ප්‍රදේශයේ තිබුණ මළ ගෙදරකට පැමිණි පුද්ගලයකුට කොරෝනා වෛරස අාසාදනය මිය යැමෙි සිද්ධියක් හේතුවෙන් බලන්ගොඩ රාස්සගල මාර්ගයේ කිවුල වෙල ප්‍රදේශයේ පවුල් 10 සාමාජිකයින් 40 දෙනෙකු ඊයේ (03) ස්වයං නිරෝධායනයට යොමු කල බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර පළමු පටු මගේ, ගොළුවාවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකුය. මොහු පසුගිය 29 වැනිදා බලන්ගොඩ රාස්සගල මාර්ගයේ කිවුල වෙල ප්‍රදේශයේ තිබු මළ ගෙදරකට පැමිණි ආපසු රත්නපුර ප්‍රදේශයට ගෙස් ඇත. පසුව ඉකුත් 30 වැනිදා නතර වි සිටින නේවාසිකාගාරයේ තවත් පරිසක් සමග පාටියක් දමා ඇත. ඔහු එහිදී ලිස්සා වැටිම හේතුවෙන් නහරක් පුපුරා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී රත්නපුර ශික්ෂණය රෝහලේදී සිදු කල ක්ණික ප්‍රතිදේශ පරික්ෂණයේදී කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු වි ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පැවැසුහ. ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා හෝමාගම රෝහල වෙත මාරැ කර යැවිමෙන් පසු (02) දා රාත්‍රියේ මියගොස් ඇත.

මෙි අතර අද (03) දා බලන්ගොඩ නගරයේ පවත්වාගෙන ගිය ඉරිදා සතිපොළට පැමිණි බලන්ගොඩ කිවුල වෙල ප්‍රදේශයේ එළවළු වෙලෙන්දන් 40 දෙනෙකු පමණ ආපසු නිවෙස් වලට හරවා යැවිමට කටයුතු කලබව බලන්ගොඩ නගරසභාවෙි සභාපති චාමික ජයමණ විමලසේන මහතා පැවැසීය.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements