Featured News

Video Gossip

Advertisement


තම මවට දරුණු ලෙස පහරදී තර්ජන කර ලිංගික අතවර සිදුකළ පුත‍්‍රයකු ඉකුත් 08 දා වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තිස්තුන් හැවිරිදි අවිවාහක පුත‍්‍රයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. 
තමන් වැන්දඹු තිදරු මවක් බවත්, සැකකාර පුත‍්‍රයා පවුලේ දෙවැන්නා බවත්, තමන්ට බිරිඳක් ගෙනැවිත් දෙන ලෙස නිතර බලකරන බවත් ඇය පැවසීය. ලිංගික අතවර කළ දිනද තම හිස යකඩ කණුවක හප්පා පහරදුන් බවත්, ව්‍යාපාරයක් කරමින් සැකකාර පුත‍්‍රයාද නඩත්තු කරන්නේ තමන් බවත්, නිතරම නොගැළපෙන ක‍්‍රියාවන් තමන්ට සිදු කරන බවත් පැමිණිලිකාර මව වේයන්ගොඩ පොලීසියට පවසා ඇත.

සැකකාර පුත‍්‍රයා පෙරේදා (09 දා) ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. සුනිල් පේ‍්‍රමරත්න, උ.පො.ප. පත්මසිරි, කා.උ.පො.ප. නිරෝෂා යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරු තදින්ම මත්කුඩුවලට ඇබ්බැහි වූවකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements