Advertisement

මවට පහරදෙන ගුරුවරිය අත්තඩංගුවට

සිය නැන්දණියට අමානුෂික ලෙස පහර දුන් බවට ගම්පොළ වල්ලහගොඩ ප්‍රදේශයේ පාසලක ගුරුවරියක ඊයේ (10 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගුරුවරිය සිය නැන්දණියට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

ඒ අනුව ගම්පොළ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇත.

එම ගුරුවරිය පළමුව පිහියකින් සිය නැන්දණියට පහරදෙන අයුරු අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන වීඩියෝවෙහි දැක්වේ. පසුව ඇය තම නැන්දණිය තල්ලුකරන අයුරුත් නැන්දණිය බිම වැටෙන ආකාරයත් වීඩියෝවෙහි වෙයි.

මීට පෙරත් අවස්ථා කිහිපයකදී නැන්දණිය පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ තාමට ලේලිය පහරදෙන බවයි.

ඒ හැම අවස්ථාවකදීම ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න අවවාද කර ලේලිය මුදාහැර තිබේ.

අන්තර්ජාලය කැලඹු එම වීඩියෝව පහතින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements