Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඔයා එනවනම් පැයකට 5000/= යි. 
වරුවක් හිටියොත් ඒක ඩබල්. 
දවසක්ම ඉන්න හිතුණොත් රුපියල් විසිදාහයි

මාධව කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රධානම පෙළේ පාසලක උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලබන තරුණ ශිෂ්‍යයෙකි. උසස් පාසලක අධ්‍යාපනය ලැබූවද, මාධව පදිංචි වී සිටියේ කොළඹින් දුර බැහැර ප‍්‍රදේශයකය.

මාධවගේ පියා සාමාන්‍ය රැකියාවක් කළ නිසා ඔවුන්ගේ පවුලේ අඟහිඟකම් දෝරෙගලා ගියේය. කොරෝනා වසංගතය රටපුරා දරුණු ලෙස ව්‍යාප්ත වී යෑමත් සමග’ම පාසල් වසා දැමීමට රජය කටයුතු කළේය.
රටේ සමස්ත පාසල් දරුවන්ගේ අධ්‍යාපනය මුළුමනින් ම පාහේ අකර්මණ්‍ය තත්ත්වයකට පත් විය. පාසල් අධ්‍යාපන කටයුතු මෙන්ම අමතර පන්ති ද නතර කිරීම නිසා පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා නොයෙකුත් තාක්‍ෂණික ක‍්‍රම භාවිත වන්නට පටන් ගත්තේය.
ඉන් වඩාත්ම ප‍්‍රචලිතම මාධ්‍ය වූයේ ඔන්ලයින් ක‍්‍රමයට පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීමය.

ලබන අගෝස්තුවේ උසස් පෙළ විභාගයට පෙනී සිටින මාධව ද මේ බරබතළ ගැටලූව හමුවේ දැඩි ලෙස අසරණ වුණේය. මාධවගේ පියා සුළු රැකියාවක් කළ නිසා ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට තරම් වත්කමක් ඔවුන්ට තිබුණේ නැත. එහෙත් දරුවාගේ අනාගතය ගැන සිතා මාධවගේ පියා දහ අතේ ණය වී ඔහුට ස්මාර්ට් ජංගම දුරකථනයක් ලබා දීමට කටයුතු කළේය. මාධව ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබන්නට පටන් ගත්තේ එතැන් සිටය. ජීවිතයේ පළමු වතාවට ස්මාර්ට් ජංගම දුරකථනයක් පරිශීලනය කිරීමට ලැබීම නිසා මාධව සිටියේ දැඩි සතුටකින් යුතුවය.

ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබන වේලාවෙන් පසුව මාධව මේ ස්මාර්ට් ජංගම දුරකථනය පාවිච්චි කරමින් අන්තර්ජාලය ඔස්සේ විවිධ දේ නැරඹීමට පටන් ගත්තේය.

ටික දවසක් යද්දී මාධව ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපන කටයුතු කරනවාට වඩා අන්තර්ජාලය ඔස්සේ විවිධ දේ නැරඹීමට මුල්තැන දුන්නේය.

මාධවගේ අහිංසක දෙමාපියන්ට තම දරුවා කරන කියන දේ පිළිබඳව ඒ තරම් දැනුමක් තිබුණේ නැත. තම එකම පුත‍්‍රයා උදේ සිට රාත‍්‍රිය වනතුරුම ස්මාර්ට් දුරකථනය බදාගෙන සිටින්නේ හොඳ අධ්‍යාපනයක් ලබන්නට බව ඔවුන් සිතුවෝය. එහෙත් සිදුවෙමින් තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් ක‍්‍රියාවලියකි. මාධවගේ පාසලේ විවිධ වර්ගයේ මිතුරන් ඔහුට සිටියේය.

‘මචං නියම වෙබ් සයිට් එකක් තියෙනවා. අපිට ඕන කෙල්ලෙක් සෙට්කරගන්න පුළුවන්. පොඩි ගාණක් යන්නේ.’’

මාධවගේ මිතුරන් කීපදෙනෙකුම මේ වෙබ් අඩවිය පිළිබඳව දැනුම් දුන්නේය. මේ තරුණ වයසේ පිරිමි දරුවන් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය වීම සාමාන්‍ය ක‍්‍රියාවලියකි. ඒ හැඟීම් දැනීම කුතුහලය මාධවට ද අඩුවක් නැතිව තිබුණේය.

මිතුරන්ගෙන් ඉල්ලා ගත් වෙබ් අඩවි ලිපිනය පිරික්සීමට මාධව කල් ඇරියේ නැත. අන්තර්ජාලය ඔස්සේ මේ වෙබ් අඩවියට පිවිසීමෙන් මාධව අන්දුන්කුන්දුන් වුණේය.

මේ වෙබ් අඩවිය වෙන්කර තිබුණේ ගණිකා සේවය ලබා ගැනීම සඳහා ය. මෙරට රූමත් තරුණ කාන්තාවන්ගේ සිය ගණනක් නිරුවත්, අඩනිරුවත් ඡායාරූප මේ වෙබ් අඩවිය ඔස්සේ ගලා ආවේය. ඔන්ලයින් අධ්‍යාපනය එහෙමපිටින්ම අමතක කළ මාධව උදේ සිට රාත‍්‍රිය වනතුරුම මේ වෙබ් අඩවිය නරඹන්නට පටන් ගත්තේය.

මේ වෙබ් අඩවියේ නිරුවත්, අඩනිරුවත් ඡායාරූප පළකර සිටින මෙරට කාන්තාවන් ඔවුන්ගේ ජංගම දුරකථන අංකයන් ද එහි සටහන් කර තිබිණි. ඒ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගෙන අදාළ කාන්තාව සම්බන්ධ කර ගැනීමේ ඉඩ පහසුකම් සලසා දී තිබුණේය.

එමෙන්ම වෙබ් අඩවියේ ඡායාරූප පළකර සිටින ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් තම සේවය වෙනුවෙන් ලබා ගන්නා මුදලද සටහන් කර තිබිණි.

මේ වෙබ් අඩවියට පිවිසීමත් සමඟම මාධවගේ තරුණ සිතුවිලි අවදි වන්නට පටන් ගත්තේය. වෙබ් අඩවිය නැරඹීමෙන් සෑහීමට පත් නොවූ මාධව එහි ඇති සුරූපී කාන්තාවන්ගේ ජංගම දුරකථනවලට ඇමතුම් ලබා දෙන්නට පෙළඹුණේය.

මුල් අවස්ථාවලදී කුතුහලයෙන් චකිතයෙන් කථා කළ ද ටික දවසක් යද්දී මාධව මේ සුරූපී කතුන් සමඟ හරි හරියට කතා කරන්නට පටන් ගත්තේය.

තම පාසලේ මිතුරන් හත්අටදෙනකුම මේ වෙබ් අඩවිය හරහා හඳුනාගත් තරුණ කතුන් සමඟ ලිංගික ඇසුරු කිරීම් සඳහා ගොස් තිබූ බව මාධව දැන ගත්තේය.

‘‘ඔය කෙල්ලන්ට කෝල් කරකර ඉඳලා හරියන්නේ නැහැ බං. උඹත් දවසක් දෙකක් යන්න ඕනෙ.’’

මාධවගේ මිතුරන් ඔහුව තව තවත් දිරිමත් කළහ. සියලූ අධ්‍යාපන කටයුතු අඩපණ කරගෙන තමන් වැටෙන්නට යන්නේ මහා අගාධයකට බව මාධවට නිකමටවත් සිතුණේ නැත. දිනක් ඔහු සුරූපී කාන්තාවකට ඇමතුමක් ලබා ගත්තේය. කාන්තාව සමඟ අල්ලාප සල්ලාපයේ යෙදුණු මාධව ඇය හමුවීමට අවශ්‍ය බව කීවේය.

‘‘අනේ පැටියෝ ඕනෙ වෙලාවක එන්න. මම ඉන්නේ බම්බලපිටියෙ ඇනෙක්ස් එකක. ඔයාට කිසිම කරදරයක් නැතිව මාව හම්බවෙන්න පුළුවන්. වරද්දන්නෙ නැතිව හෙටම එන්න. මං කියපු විදිහට ගනුදෙනු තියෙන්නත් ඕනෙ.’’

වෙබ් අඩවිය ඔස්සේ තෝරාගත් සුරූපී කාන්තාව සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ මාධව ඇය හමුවීමට දිනයක් වෙන්කර ගත්තේය. එනවා කියලා පොරොන්දු වුණාට අතේ සල්ලි කොහෙන්ද?

මාධව දස අතේ කල්පනා කළේය. මාධවගේ පියා දහදුක් විඳිමින් පවුල පෝෂණය කරන්න වෙහෙසුණේය. මාධව ද ඒ බව හොඳින් දැන සිටියේය.

‘‘ඔයා එනවනම් පැයකට 5000/= යි. වරුවක් හිටියොත් ඒක ඩබල්. දවසක්ම ඉන්න හිතුණොත් රුපියල් විසිදාහයි.’’

වෙබ් අඩවියෙන් ආ සුරූපිනිය කියූ ගණන් හිලව් මාධවගේ සිහියට නැඟුණේය. සියලූ අඟහිඟකම් ගැටලූ අමතක කර දැමූ මාධව මේ සුරූපිනිය සමඟ සතුටු වීමට සිහින මැව්වේය. ඒ සඳහා පාසල් මිතුරන්ගෙන් ද ලැබුණේ පුදුමාකාර දිරි ගැන්වීමකි.

හදිසි අවස්ථාවකදී ප‍්‍රයෝජන ගැනීමට අම්මා සඟවා තිබූ රුපියල් පන්දහසක මුදලක් මාධව හොරා ගත්තේය. පසුදින උදෑසනම මාධව කොළඹ ආවේය. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයට ගිය මාධව වෙබ් අඩවියෙන් පිවිසි සුරූපිනියට ඇමතුමක් ගත්තේය.

‘‘අනේ පැටියෝ ඔයා මාව හොයාගෙන ආවද. ඉන්න මං ඔයාට එන්න පාර කියන්නම්.’’

රූමත් කාන්තාව ලබාදුන් තොරතුරු මත මාධව ඇය සිටි කුලී නිවෙස වෙත ආවේය. එය බම්බලපිටිය ප‍්‍රදේශයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක උඩුමහලේ තිබූ නිවසකි.

ඒ නිවසට යද්දී එක තරුණියක් නොව තරුණියන් දෙදෙනකුම එහි සිටියෝය. ජීවිතයේ පළමු වතාවට මේ ලබන අත්දැකීම හමුවේ මාධව සිටියේ දැඩි ලෙස කුතුහලයෙන් යුතුවය. සුරූපි කාන්තාවන් දෙදෙනා මාධව කුලී නිවස වෙත කැඳවාගෙන ගියේ ඔහු උණුසුම් අන්දමින් පිළිගනිමින් ය. එතැන් සිට මේ පුංචි කොලූගැටයා ලබන්නට පටන් ගත් සියලූ අත්දැකීම් ජීවිතයේ පළමු වරට ලබාගත් ඒවා විය. කාලය ගෙවී ගියද මාධවට දැනුනේ නැත. සුරූපී කතුන්ගේ ඇසුරේ සිටි මාධව එදින සවස් වන තුරුම ඔවුන්ගේ නිවසේ රැඳී සිටියේය.

‘‘පැටියෝ ඔයා එහෙනම් අද ගිහින් හෙටත් එන්න. අපි බලාගෙන ඉන්නවා ඔයා එනකල්. අපි දැන් හොඳ යාළුවෝ නේ.’’

සුරූපී කාන්තාවක් මාධව තුරුලූ කර ගනිමින් කීවාය.

‘‘ඔයා දැන් අපේ ගණන් හිලව්ටික බේරලා යන්නකෝ. එතකොට තමයි අපි ඔයාට තව තව ආදරේ කරන්නේ. සුරූපිනිය කීවාය. මාධව අම්මාගෙන් හොරාගෙන ආ රුපියල් දහසේ නෝට්ටු පහ කලිසම් සාක්කුවෙන් ඉවතට ගෙන සුරූපිනිය අත තැබුවේය. දහසේ නෝට්ටු ටික ගණන් කළ සුරූපිනිය ක්‍ෂණයකින් යක්‍ෂණියක වූවාය.

‘‘යකෝ මෙතැන තියෙන්නේ රුපියල් පන්දාහයිනේ. උඹ උදේ ඉඳලා හවස් වෙනකම් අපි දෙන්නා එක්ක ඉඳලා පන්දාහද දෙන්නේ. අඩුම ගානේ අපි දෙන්නට විසිදාහක්වත් ඕනෙ. එහෙම නැත්නම් අපි උඹට හොඳ වැඩක් කරනවා.’’

යක්‍ෂණියක වූ සුරූපිනිය බෙරිහන් දෙන්නට වූවාය. මාධව දැඩි ලෙස භීතියට පත් වුණේය. කරකියා ගත හැකි දෙයක් නොමැතිව දැඩි ලෙස අසරණ වූ මාධව යක්‍ෂණියන් වූ මේ කාන්තාවන් දෙදෙනා ඉදිරියේ හඬා වැළපෙමින් තමන්ට යන්නට දෙන ලෙස ඉල්ලා සිටියහ.

‘‘මං එනකොටම උඹට කිව්වා පැයට 5000 යි. දවසක් හිටියොත් විසිදාහයි කියලා. සල්ලි නොදුන්නොත් උඹව පොලිසියට අල්ලලා දෙනවා. අපිට පොලිසියෙ යාළුවෝ ඉන්නවා. උඹට එතකොට ගෙදර ගිහිල්ලත් ඉවරයි.’’

කාන්තාවන් දෙදෙනා පුංචි මාධව සිය ග‍්‍රහණයට ගෙන තර්ජනය කරන්නට වූහ. මේ යක්‍ෂණියන් දෙදෙනාගෙන් කෙසේ හෝ බේරී පලා යා යුතු බව මාධව සිතුවේය. තමන් පොලිසියට අල්ලා දුන්නොත් මවුපියන්ට සමාජයට මූණ දෙන්නේ කෙසේ දැයි ඔහුගේ සිහියට නැඟුණේය. එකවරම කාන්තාවන් දෙදෙනාගේ ග‍්‍රහණයෙන් මිදුණු මාධව දෙමහල් ගොඩනැඟිල්ලේ උඩුමහලේ පිහිටි නිවසින් බිමට පැන්නේ හැකි ඉක්මණින් මේ අපායෙන් ගැලවී යෑමට සැලසුම් කරගෙනය.

එහෙත් මාධවට වැරදුණේය. උඩුමහලෙන් ඇදවැටුණු මාධව බරපතළ තුවාල ලැබුවේය. අසල්වාසින් බරපතළ තුවාල ලබා වැටී සිටි පාසල් ශිෂ්‍යයා රෝහල්ගත කිරීමට කටයුතු කළහ. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින ගණනක් තිස්සේ ප‍්‍රතිකාර ලබමින් සිටි මාධව තරමක් සුවය ලැබුවේය. ඒ අතරතුර පොලිසිය මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළහ. මාධවගෙන් ලබා ගත් ප‍්‍රකාශ ඔස්සේ විමර්ශන කළ පොලිස් නිලධාරීන් සුරූපී කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ. සුරූපී කාන්තාවන් දෙදෙනා වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළ අතර එහිදී හෙළිවුණේ ඔවුන් දරුණු සමාජ රෝගවලට ගොදුරු වී සිටින කාන්තාවන් බවය. ඔන්ලයින් ඔස්සේ පාසල් අධ්‍යාපනය කිරීමට ගිය මාධව තවමත් සිටින්නේ ලෙඩ ඇඳේය. මාධවගේ ජීවිතය විනාශ කළ වෙබ් අඩවිය පිළිබඳ විමර්ශන කිරීමේ කාර්යභාරය බස්නාහිර පළාතේ බුද්ධි ඒකකය වෙත භාර දෙන්නට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා කටයුතු කළේය.


බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. ඩබ්ලිව්. පුෂ්පකුමාර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජේ. ආර්. ලක්‍ෂ්මන් මහතා මෙම විමර්ශන කටයුතු තමන් භාරයට ගත්තේය. අපරාධකරුවන් ලූහුබැඳයෑම් හසල දැනුමක් ඇති ජේ. ආර්. ලක්‍ෂ්මන් මහතා තරුණ ජීවිත විනාශ කරන වෙබ් මාෆියාවට එරෙහිව සටනක් දියත් කරන්නට පටන් ගත්තේ රටේ තරුණ පරපුර බේරා ගැනීමේ පරම පවිත‍්‍ර චේතනාවෙන් යුතුවය. බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ නිලධාරීන් කළ විමර්ශනවලින් අනාවරණය වූයේ මේ ආකාරයට ගණිකා සේවය ලබාදෙන වෙබ් අඩවි 3 ක් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ සැරිසරන බවය.

දියුණු රටවලට මේ වෙබ් අඩවි සාමාන්‍ය දෙයක් වුවද ශ‍්‍රී ලංකාවේ මේ වෙබ් අඩවි ප‍්‍රචලිත වන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමඟය.

කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්ත වීමත් සමගඟම බොහෝ දෙනකුට රැකියා අහිමි විය. ඇඟලූම් කර්මාන්තවල රැකියා කළ තරුණියන් බහුතරයක් විරැකියා ගොඩට එකතු වුණේ කර්මාන්තශාලා වසා දැමීම නිසාය. එමෙන්ම සෞඛ්‍ය හේතූන් මත රටපුරා ස්ථාපිත කර තිබු සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා මධ්‍යස්ථාන, රූපලාවන්‍ය මධ්‍යස්ථාන වැසී ගියේය. මේ ආයතනවල රැකියා කළ තරුණියන් දහස් ගණනක් ජීවත් වීමට මඟක් නොමැතිව දැඩි ලෙස අසරණ තත්ත්වයට පත් වූහ. අන්තර්ජාලය ඔස්සේ සුරූපිනියන් ගණිකා වෘත්තියේ යෙදීමේකාර්ය ආරම්භ වන්නේ එතැන් සිටය. මෙම වෙබ් අඩවි තුන පාලනය කරන්නේ කවුරුන් විසින්ද, එය මෙහෙයවන්නේ කුමන ස්ථානයක සිටද යන්න පොලිසිය තවමත් සොයාගෙන නැත. මේ වෙබ් අඩවි තුන හරහා මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් තුන්සියයකට අධික පිරිසක් ලියාපදිංචි වී සිටිති. මාසයක් සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචි ගාස්තුව ලෙස ඔවුන් රුපියල් 500 ත් 1000 ත් අතර මුදලක් ගෙවිය යුතුය. එසේ ලියාපදිංචි වීමෙන් පසුව ඒ කාන්තාවගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපය සහිත තොරතුරු මාසයක කාලයක් තිස්සේ වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රචාරය කරනු ලබයි.

මේ වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම අයකුට තමන්ට කැමැති කාන්තාවක් තෝරා ගෙන ඇය සමඟ දුරකථනයෙන් සංවාදයක් පවත්වා ඇය හමුවීමට කටයුතු කළ හැකිය. මේ වෙබ් අඩවිවල ලියාපදිංචිවී සිටින ගණිකාවන් ක‍්‍රම කීපයකට තම සේවාව ලබා දෙනු ලබයි. මේ වෙබ් අඩවිය ඔස්සේ ඡායාරූප පළ කර සිටින සුරූපී ගණිකාවන් ඔවුන්ගේ සියලූ තොරතුරු සහ ගාස්තු ලබා ගැනීමේ ක‍්‍රමයන් පිළිබඳව ද සඳහන් කර ඇත. මෙම වෙබ් අඩවිවල ලියාපදිංචි වී සිටින කාන්තාවන් ඇයගේ සත්‍ය ඡායාරූපය එහි පළකිරීමට අනිවාර්යයෙන් ම කරනු ලබයි. එහෙත් කාන්තාවගේ නම සහ වයස බොහෝ විට ඔවුන් වසන් කර සිටිති. නිවැරදි ජංගම දුරකථනය මෙන්ම හමුවීමට හැකි ස්ථානය නිවැරදිව දැනුම් දීමට ඔවුන් කටයුතු කර සිටිති. වෙබ් අඩවියෙන් හඳුනාගන්නා සුරූපී කාන්තාව සමඟ ජංගම දුරකථනය ඔස්සේ කථා කර ගනුදෙනුකරුවන්ට තමන්ට අවශ්‍ය ආකාරයට සේවාව ලබා ගත හැකිය. කාන්තාවන් මෙන්ම ගණිකා සේවයේ යෙදෙන පිරිමි පුද්ගලයන් ද මෙම වෙබ් අඩවි ඔස්සේ සිය තොරතුරු ලබා දෙමින් ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගනු ලබයි. වට්ස්ඇප් වීඩියෝ මාර්ගයෙන් සිය නිරුවත ප‍්‍රදර්ශනය කිරීම සඳහා මේ කාන්තාවන් පැයක කාලයකට රුපියල් දහසත් දෙදහසත් අතර මුදලක් අය කරනු ලබයි. එම මුදල් සේවාදායකයාට ඔන්ලයින් ක‍්‍රමයට ගෙවා දැමිය හැකිය.

මේ ක‍්‍රමයට තරුණ යුවළක් අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය වට්ස්ඇප් වීඩියෝ මාර්ගයෙන් ගනුදෙනුකරුවන්ට බලන්නට සලස්වා මුදල් ලබා ගැනීමේ ක‍්‍රමයක් ද ක‍්‍රියාත්මකය. එමෙන්ම තමන් හමුවී තම සේවය ලබා දීම සඳහා අයකරනු ලබන ගාස්තු ද වෙබ් අඩවිය ඔස්සේ මෙම කාන්තාවන් පළකර තිබෙයි.

ගණිකාවන් සපයන වෙබ් අඩවි ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ කළ බස්නාහිර බුද්ධි ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලක්‍ෂ්මන් මහතා කාන්තාවන් 21 දෙනකු පසුගිය දින කීපයේදී අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් කාන්තාවන් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමුකළ අතර ඔවුන්ගෙන් වැඩිදෙනකු දරුණු සමාජ රෝග වැළඳුණු කාන්තාවන් බව අනාවරණය වුණේය. කොරෝනා වෛරසයට ගොදුරු වූ කාන්තාවන් ද මේ අතර සිටි බව හෙළිවිය. අත්අඩංගුවට පත් වූ කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකු කොළඹින් දුරබැහැර අනුරාධපුරය, පොලොන්නරුව, මොනරාගල වැනි දුෂ්කර ප‍්‍රදේශවල සිට කොළඹට පැමිණි කාන්තාවන් ය.

බොහෝ කාන්තාවන් මේ වෘත්තියට යොමු වී සිටියේ ඔවුන් කළ රැකියාවන් අහිමි වීම නිසාය. කිසියම් ආයතනයක රැකියාවක් කරන කාන්තාවක් ගණිකා වෘත්තියට සම්බන්ධ වුවහොත් එය අතහැර නොදමන බව විමර්ශන නිලධාරීහු පවසති.

මාසයක් තිස්සේ රැකියාවක් කර උපයන මුදල දවසක් දෙකක් ඇතුළත මේ වෘත්තිය හරහා උපයා ගැනීමට හැකිවීම ඊට හේතුව වන්නේය. එමෙන්ම කිසිම වෙහෙස මහන්සියක් නොමැතිව තමන් පදිංචි කුලී කාමරයේ හෝ නිවසේ සිටම මේ වෘත්තියේ නියැළීමට හැකිවනු ඇත.

අත්අඩංගුවට ගත් එක් කාන්තාවක් ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටල් කාමරයක නවාතැන් ගෙන සිටිමින් එක් මාසයකට හෝටල් කාමරය සඳහා රුපියල් හැටදහසක මුදලක් ගෙවා දමමින් මෙම වෘත්තියේ නියැළී සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළිවිය. වෙබ් අඩවි ඔස්සේ ගණිකාවන් සැපයීමේ මාෆියාවේ බරපතළම තත්ත්වය වන්නේ පාසල් යන වයසේ පසුවන දරුවන් ඉතාම ශීඝ‍්‍ර ලෙස ඒ සඳහා ඇබ්බැහි වීමය. කොරෝනා වසංගතය නිසා මේ වනවිට පාසල් දරුවන් බහුතරයක් අධ්‍යාපනය ලබන්නේ ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේය. අන්තර්ජාලය පරිශීලනය කිරීමේ අවස්ථාව වැඩි වශයෙන් මේ දරුවන්ට ලැබීමත් සමඟම ඔවුන් ඒ හරහා නොමඟ යෑමේ ප‍්‍රවණතාව ඉතාම ශීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබෙයි.

පොලිස් විමර්ශකයන් පවසන්නේ මෙම වෙබ් අඩවි හරහා ගණිකාවන් සම්බන්ධකර ගැනීම ඔවුන් සමඟ ඔන්ලයින් ක‍්‍රමයට නොයෙකුත් අසැබි ක‍්‍රියාවල නිරතවීම පාසල් යන වයසේ තරුණ දරුවන් අතර ඉතාම ප‍්‍රචලිත වී හමාර බවය. මෙම අසභ්‍ය ක‍්‍රියාවන් සඳහා පාසල් දරුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙන්ම ලාබාල තරුණයන් යොමුවීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර ගනු ඇත. එමෙන්ම මෙවැනි ක‍්‍රියාවන් හරහා ළාබාල වයසේ පසුවන දරුවන් නොයෙකුත් අපචාර ක‍්‍රියාවන්වල පවා නිරත වීම වැළැක්විය නොහැකි වනු ඇත.

වෙබ් අඩවි ඔස්සේ දැන හඳුනාගන්නා ගණිකාවන් ඇසුරට යන පාසල් දරුවන් නොයෙකුත් මත්ද්‍රව්‍ය සඳහා යොමුකර ගැනීමේ මාෆියාවක් ද ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බව විමර්ශන කණ්ඩායම් අනාවරණය කර ගෙන තිබේ. අයිස් මත්ද්‍රව්‍ය, කොකේන්, නොයෙකුත් මත් පෙති වර්ග ගණිකා ඇසුර හරහා පාසල් දරුවන් අතර බෙහෙවින් ප‍්‍රචලිත වෙමින් තිබෙන බව පොලිසිය පවසයි. මේ කරුණු කාරණා විමර්ශනය කිරීමේදී හෙළිවන්නේ පාසල් දරුවන් ගණිකා ඇසුරට යොමුවෙනවා පමණක් නොව, එහි අතුරු ඵලයක් ලෙස ඔවුන් විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම, සමාජ රෝගවලට ගොදුරු වීම, අධ්‍යාපනය කඩාකප්පල් කර ගෙන අනාගතය විනාශකර ගැනීම වැනි ක‍්‍රියාවන් සිදුවන බවයි. මෙවැනි වෙබ් අඩවි ඔස්සේ ගණිකාවන් ඇසුරු කිරීමට ක‍්‍රම සැලැස්වීම, විවිධ මානසික පීඩාවන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට කිසියම් සහනයක් ගෙන දෙනු ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය.

එහෙත් මේ ක‍්‍රමයන් ඔස්සේ කෙනෙකුගේ මානසික පීඩාවන්ට සහනයක් ලබා දෙනවාට වඩා අති භයානක හානියක් සමාජයට, තරුණ තරුණියන්ට මෙන්ම පාසල් දරුවන්ට සිදුවන බව මේ වනවිට පැහැදිලි වී හමාරය. වෙබ් අඩවි ඔස්සේ ගණිකාවන් සම්බන්ධකර ගැනීමේ මාෆියාව දිගින් දිගටම ඉහළ යෑමේ ප‍්‍රවණතාව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙම තත්ත්වය විශාල සමාජීය ගැටලූවක් බවට පත්වෙමින් තිබෙන නිසා එය නතර කිරීමට කටයුතු කරන බවයි.

ගණිකා වෘත්තියේ යෙදීම ශ‍්‍රී ලංකා නීතිය අනුව තහනම් ක‍්‍රියාවක්. ඒ වගේම නිරුවත ප‍්‍රදර්ශනය කර මුදල් ඉපයීය, පාසල් වයසේ පසුවන දරුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින තරුණයන් මේ අපචාර ක‍්‍රියාවන්ට සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මුළුමනින් ම අවුල්කර ගන්නවා.

ඒ වගේම අපේ රටේ සංස්කෘතිය අපේ පවුල් පසුබිම් හැදියාවන් එක්ක බලද්දී මෙවැනි අපචාර ක‍්‍රියාවන්ට යොමුවීම කොහෙත්ම අනුමත කරන්න බැහැ.

ඒ වගේම මෙවැනි වෙබ් අඩවි තහනම් කරන්න අපි නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරගෙන යනවා. විදුලි සංදේශ නියාමන කොමිසම සමඟත් සාකච්ඡා කරලා මෙවැනි වෙබ් අඩවි නිර්මාණය කිරීම වගේම තිබෙන වෙබ් අඩවි ඉවත් කරන්න අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නවා. තාක්‍ෂණය දියුණුවීම, ඒ තාක්‍ෂණය අපේ යහපත් දේ සඳහා යොදා ගැනීම අනිවාර්යයෙන්ම අප කළ යුතුය. එහෙත් තාක්‍ෂණික දියුණුව හරහා රටේ සංස්කෘතිය, සභ්‍යත්වය මෙන්ම තරුණ පරපුර විනාශකර ගැනීම කෙසේවත් කළ නොහැක. මෙවැනි අසභ්‍ය වෙබ් අඩවි මර්දනය කිරීමට කටයුතු නොකළොත් අනාගතයේදී ඒවා හතු පිපෙන්නාක් මෙන් බිහිවනු නොඅනුමානය. අපේ අහිංසක පාසල් දරුවන් ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය කිරීම පසෙක දමා ඔන්ලයින් ඔස්සේ සෙක්ස් කිරීමට පුරුදු පුහුණු වනු ඇත. එසේ සිදුවුවොත් මාධවලාට සිදු වූ දෙය රටේ අනෙකුත් අහිංසක දරුවන්ට සිදුවන්නේය. එසේ නම් කළ යුත්තේ රාජ්‍ය මැදිහත්වීමක් හරහා හෝ සමාජය තරුණ පරපුර රටේ සංස්කෘතිය විනාශකර දමන මෙවැනි වෙබ් අඩවි නතර කිරීමට කටයුතු කිරීමය.

Divaina

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook