Featured News

Video Gossip

Advertisement

දේශපාලනයට එක් වෙන්නේ වරප්‍රසාද ගන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි


පුෂ්පිකා සඳමාලි ද සිල්වා 2011 දී ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළ පැළැඳියේ ඇයයි. ලංකාවේ බොහෝ දෙනෙක් ඇයව දැනගත්තේ ඉන් පසුවායි. පසුව ඇය එම වසරේදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරගය වෙනුවෙන් තරඟ කළා. 

එම තරඟයේදී ඇය රටවල් 92ක් අතරින් හොඳම දේශීය ඇඳුම සඳහා වූ අංශයේ ජය හිමි කර ගත්තා. ලන්ඩනයේදී පැවැත්වූ එම තරගයේ අවසන් පූර්ව වටය දක්වා ඒමට සමත් වූ පුෂ්පිකා 2013 දී ඊජිප්තුවේ පැවැති හොඳම නිරූපන ශිල්පිනිය තරගය වෙනුවෙන්ද සහභාගී වුණා. පසුව සුපුරුදු ලෙසින් නිරූපන ක්ෂේත‍්‍රයේ රැඳෙමින් නිවේදිකාවක ලෙස ද කටයුතු කළ ඇය මව් භූමිකාව නිසා ඒවායින් ඈත්වුණා. 
ඇගේ පුතාගේ නම ටැවෝන් සැල්වටෝර්. ඒ වගේම පුෂ්පිකා දැන් දේශපාලන ගමන් මගක යමින් ඉන්නවා. ඇය නිරූපණ කටයුතු කළේ විනෝදාංශයක් විදිහට. ඉතින් ඇය විවාහ වෙලා පුතා ලැබෙන්න ඉදිද්දි නිරූපණ කටයුතුවලින් ඈත් වුණා. මොකද පුතාට මුල් තැන දෙන්න ඕනි නිසා. දැන් ඇගේ පුතාට අවුරුදු හතරයි. ඒත් පුතා ටිකක් ලොකු වුණා කියලා ඇයටට පුතාගේ වැඩවලින් මිදෙන්න බැහැ මොකද ඇය පුතාට පුදුම විදිහට ආදරෙයි. ඒ නිසා පුෂ්පික පුතා සමඟ වැඩි කාලයක් ගත කරනවා.

ක්ෂේත්‍රයට අලුතින් එන අයට මග පෙන්වීම ලබා දෙන්න පුෂ්පිකාට පුළුවන් වුවත් ඇය දැන් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්න නිසා කාර්යබහුලයිලු. ඇය දැන් උත්සාහ කරන්නෙ දේශපාලන කටයුතුවලින් ඉස්සරහට යන්න. 

දේශපාලනය කියන්නෙ වෙනමම ක්ෂේත්‍රයක් නිසා ඇයට නිරූපණය හා දේශපාලනය යන දෙකටම කාලය වෙන් කරන්න බැහැලු. මොකද ඇය අම්මා කෙනෙක් විදිහටත් ඇගේ වගකීම අකුරටම ඉෂ්ට කරන ආදරණීය මවක් නිසා. 

ඇය රටක් නියෝජනය කරමින් රූ රැජිනක් ලෙස ජාත්‍යන්තරයට ගිය කෙනෙක්. ඉතින් ඇය දේශපාලනය කරලා රට වෙනුවෙන් වැඩ කරන්න කැමැති නිසා ඊට එක් වෙලා. ඇය මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණ පළවෙනි අවස්ථාවේදීම ඇයට රූ රැජිනක් වෙන්න වගේම කවදා හරි දේශපාලනයට එන්නත් කැමැත්තක් තියෙනවා කියලා කිව්වා. මෙවර ජනාධිපතිවරණයෙදිත් ඇය ජනාධිපතිතුමා වෙනුවෙන් පොළොන්නරු දිස්ත්‍රික්කය පුරාම විශාල වැඩ ප්‍රමානයක් කළා. 

ඇයට මිනිස්සු ගොඩක් ආදරෙ නිසා ගොඩක් අය දේශපාලනයට එන්න කියලා ඇගෙන් ඉල්ලනවා. ඇය පොළොන්නරුවේ ඉපදුණ හැදුණ වැඩුණ කෙනෙක් නිසා ඇයට මිනිසුන්ගේ අගහිඟකම් ප්‍රශ්න දැනෙනවා. ඉතින් ඇයට ඔවුන් වෙනුවෙන් වැඩ කරන්න හැකියාව තියෙනවාලු. ඒ නිසා ඇය දේශපාලනයට එක් වෙන්නේ වරප්‍රසාද ගන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි කියලත් ඇය කියනවා.

ඇය පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න හිටියත් පොළොන්නරුව කියන්නෙ තරගකාරි දිස්ත්‍රික්කයක් නිසා ඇයට නාම යෝජනා අහිමි වුණා. මොකද හිටපු ජනාධිපතිතුමත් ඒ පක්ෂයෙන්ම මැතිවරණයට ඉදිරිපත් වුණ නිසා. ඉතින් පරදින්න බලාගෙන මැතිවරණයට ඉදිරිපත් නොවන නිසා වගේම ඇයට තව කාලය තියෙන නිසා ඇය තව අත්දැකීම් ලබාගෙන දේශපාලනය ගැන තවදුරටත් අධ්‍යයනය කරලා ඊට සුදුසු කාලෙදි ඇය මැතිවරණයකට සම්බන්ධ වෙනවාලූ.

පුෂ්පිකා පරාජය ලබන්න අකමති කෙනෙක් නෙමෙයි. ඇය මුලින්ම 2010 දි මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙලා ඇයට ඒ වසරේදී මිස් ශ්‍රීලංකා වෙන්න බැරි වෙනවා. ඉතින් ඇය ඒ පැරදුම පැරදුමක් කර නොගෙන හොඳ සැලසුමක් ඇතුව නැවත 2011 දී මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙලා ජයගන්නවා. 

ඇය ජීවිතේදි වැටි වැටී වුණත් නැගිටපු යකඩ ගැහැනියක්. ඉතින් ඇයට ඕනම වෙලාවක නැගී සිටින්න අවශ්‍ය ආත්ම විශ්වාසය තියෙනවා. ඇය හරි විදිහට ජීවත් වෙන කෙනෙක් නිසා ඇයටට ජීවිතේ ගැන බයක් නැහැ. ඒ නිසා ඇයට කවදාවත් වරදින්නේ නැහැ කියලා ඇය දන්නවාලු.ඇය කියන්නේ ලබන වසරේදී පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට එනවා කියලයි ඒ ඇවිල්ල ඇයගේ ගමේ ජනතාවට වැඩ කරන්න ඕනේ කියලයි අවසානේ ඇය කියන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements