Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


සන්නද්ධ
පිරිසක් විසින් පැහැරගෙන ගිය හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර කොටදෙණියාව නාවාන සොහොන් පිටියේදී පුළුස්සා දමා තිබියදී ඊයේ සවස පොලිසියට සිරුර හමුවී ඇත.
උන්වහන්සේගේ සිරුර පෙට්ට්‍රල් දමා මළ සිරුරක් වළදමා තිබූ ස්ථානයක පුළුස්සා දමා තිබියදී පොලිසිය විසින් සිරුර සොයා ගෙන ඇත. මෙය උන්වහන්සේගේ මළ සිරුර බව හඳුනාගෙන ඇත්තේ පිළිස්සී ගිය සිරුරේ තිබූ සිවුරු කොටසකිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සහ හංවැල්ල පොලිසිය සැකපිට පුද්ගලයන් දෙදෙනකු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු ඊයේ පෙරවරුවේ හංවැල්ල පොලිසියට භාරවී තිබුණි. කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ සාමණේර භික්‍ෂුවක් සහ උඩුවිල ධම්මසිරි හිමියන් අතර ආරවුලක් පැවැති බවත් එම ආරවුලේ ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවත් පොලිසිය සැක පහළ කරයි.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට ධම්මසිරි හිමියන් සන්නද්ධ කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් තිබුණේ ඉකුත් 31 වෙනිදා රාත්‍රී 11.30 ට පමණය.

වෑන් රථයකින් පැමිණි දස දෙනෙකුගෙන් පමණ සමන්විත වූ සන්නද්ධ පිරිසක් ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ ධම්මසිරි හිමියන්ට අමානුෂික ලෙස පහරදී පැහැරගෙන ගොස් ඇතැයි වාර්තාවේ.

මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේ ආරණ්‍ය සේනාසනයේ ගිහි පුද්ගලයන් දෙදෙනකුද සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැත.

පොලිසිය මෙතෙක් සිදු කළ විමර්ශනවලට අනුව මෙම සිද්ධියට හේතුවී ඇත්තේ ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ පහළොස් හැවිරිදි වියේ පසුවූ සාමණේර හිමිනමකි.

හොරණ ප්‍රදේශයේ පැවිදි බිමට පැමිණි මෙම සාමණේර හිමිනම මෙම ආරණ්‍ය සේනාසනයේ වසර කිහිපයක් තිස්සේ වැඩ වාසය කරයි.

මෙම සාමණේර හිමිනම ආරණ්‍ය සේනාසනයේදී නිතර අපයෝජනයට ලක්වූ බව විමර්ශනවලින් හෙළිවී ඇත. සාමණේර හිමි නම මෙම සිදුවීම් ජායාරූප සහ වීඩියෝ ගත කර තම මවට ලබාදීමට කටයුතු කර තිබිණි. තම දරුවාට අත්වන අතවරයන් ගැන දැඩි ලෙස කෝපයට පත්වූ මව කිසියම් පිරිසක් වෙත ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත ධම්මසිරි හිමියන් පැහැර ගන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වෙත භාරවී ඇත්තේ සාමණේර හිමි නමගේ පියා බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිසිය පවසන්නේ සාමණේර හිමිනමගේ පියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වීමක් නොමැති බවය. එහෙත් සාමණේර හිමියන්ගේ මව ධම්මසිරි හිමියන් පැහැරගත් සන්නද්ධ පිරිස සමග ආරණ්‍ය සේනාසනයට පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මේ වන විට සාමණේර හිමිනමගේ මව ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන ආරම්භ කර තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ අධීක්‍ෂණය යටතේ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.



gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook