රන්ජන්ට නිධානයක් පහල වෙයි - මිලියන ගණනක සල්ලි දන්සැලක් දෙයි [VIDEO] | Ranjan Ramanayake
gossip
,
gossip lanka
,
News
,
Politics
,
Ranjan Ramanayake
,
video
තම සමාජ ජාල ගිණුම ඔස්සේ විශේෂ දැනුම් දීමක් කරමින් ඔහු සඳහන් කරන්නේ මේ මොහොතේ මුදල් අත්‍යවශ්‍යම පිරිස් තම පෞද්ගලික ලේකම්වරයාට අමතා සම්බන්ධීකරණය කරගන්නා ලෙසයි.
තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස එම දීමනා ලබා නොගත් නිසා ඒවා මෙතෙක් තැන්පත් කර තිබූ බවත් මෙසේ බෙදා දෙනු ලබන්නේ එකී මුදල් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලක් මූලිකව තමන් බෙදාදීම ආරම්භ කරන බවත් තවත් ආධාර මුදල් ඉදිරියේදී ලැබෙන බවත් ඔහු පැවසීය.
මෙම අරමුදලට ආධාර දෙන ලෙස දානපතියන්ගෙන් තමන් ඉල්ලා සිටින බවත් එසේ නොදුන්නා කියා ප්‍රශ්නයක් නැති බවත් ඔහු සඳහන් කළේය.
තමනට සියලු සම්මාන සියලු ගෞරව නාම හිමිවූයේ ජනතාව නිසා බවත් එනිසා එම ජනතාවම අසරණ වී ඉන්නා මොහොතක ඒ සියල්ල ඔවුන් බෙදා දෙන බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.


