Featured News

Video Gossip

Advertisement


විදේශගත ශ්‍රි ලාංකිකයින් මාස නමයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල ඉතා අසරණව තම රැකියාව පවා අහිමිව දුක් විදින තත්වයක් තුල යුක්‍රේන ජාතිකයින් පිරිසක් ගුවන් යානා කිහිපයකින් මෙරටට රැගෙන ඒම පිලිබදව විදෙස්ගත ශ්‍ රීලාංකික ශ්‍රමකින් දැඩි විරෝධයක් වත්මන් ගොඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එල්ලකිමින් සිටී.
ඔවුන් සමාජජාල වලට වීඩියෝ එක්කරමින් තම විරෝධය ජනාධිපතිවරයාට මෙන්ම වත්මන් ආණ්ඩුවට එල්ල කරමින් සීටී.

යුක්‍රේන සංචාරකයින් සදහා කිසිදු නිරෝධායන ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් දක්වන සැලකිල්ල රටට ඩොලර් ගෙන එන රට විරුවන් ලෙස මීට පෙර හැදින්වු මෙම රජය බලයට ගෙනඒමට ඡන්දය ලබාදුන් තමන්ට නොලැබෙන්නේ මන්දැයි ඔවුන් ප්‍රශ්ණ කරයි.

ඇතැම් කාන්තාවන් මේ වනවිට මෙරටට පැමිණීමට මුදල් සෙවීම සදහා තම ඇඟ විකුණන තත්වයට පත්ව ඇති බවද ඔවුන් පවසයි.

මෙහිදී සමාජජාලයට වීඩියෝවක් එක්කරමින් එක්තරා කාන්තාවක් ප්‍රකාශ කරන්නේ “ජනාධිපතිතුමනි දැන් සතුටුයිද ඔයාලට.. මාස 09ක් තිස්සේ වැහිලා තිබ්බ එයාපෝට් එක රටේ ජාතියට ඇරියේ නැති ඔබතුමා කොහෙවත් නැති විදේශිකයින්ට රට ඇරලා පාවඩ දාලා නැටුම් නටලා ගෙන්න ගත්තා නේද..? විදේශිකයින්ට රට ඇරියා..ලාංකිකයින්ට රට වැහුවා.. ලැජ්ජයි ජනාධිපතිතුමෝ .. ලැජ්ජානැති වැඩ කරන්න එපා.. මේවා පව් සිද්ධවෙන වැඩ..“ යනුවෙනි.

විදේශගතව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සංවේදී ආයාචනයක් ඉදිරිපත් කරමින් පවසන්නේ ඔවුන්ගෙන් සමහරෙකුට ශ්‍රී ලංකාවට ආපසු යාමට අවශ්‍ය මුදල් උපයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මෙවැනි වීඩියෝ ගණනාවක්ම මේවනවිට සමාජජාල තුල සංසරණය වන අතර ඉන් කිහිපයක් පහත පලවේ..





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements