සත 25 බද්දට සීනි ටොන් 440ල000ක් ගෙනැත්… රටට අහිමි බදු ආදායම බිලියන 21.8යි. බැදුම්කරේ වගේ දෙගුණයක්
gossip
,
gossip lanka
,
News
,
Politics
සත 25 දක්වා අඩු කරන ලද බදු සීමාවන් යටතේ පසුගිය ඔක්තෝබර් මස 14 වැනි දින සිට මෙම 26 වැනි දින දක්වා සීනි මෙට්‍රික් ටොන් 440,000ක තොගයක් මෙරටට ආනයනය කර ඇතැයි වාර්තා වෙයි.
ආනයනකරුවන් සඳහන් කරන්නේ මෙම සිනී තොග ගෙන්වීමෙන් මෙම 26 වෙනි දින රජයට අහිමි වී ඇති මුළු බදු ආදායම රුපියල් කෝටි 2187 බවයි.
අඩු කළ බදු සීමා යටතේ සීනි ගෙන්වීම තවමත් පාලනය නොකිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇතැයි ද වාර්තා වෙයි.
අඩු කළ බද්ද යටතේ සීනි ගෙන්වීමෙන් පමණක් ඩොලර් මිලියන 200 පමණ විදේශ විනිමයක් වැය වී ඇතැයි ද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙයි.

