Advertisement

මත් පැන් පොවා අතවර කර සිසුවිය විවාහ කරගෙන

පාසල් සිසුවියකට මත්පැන් පානය කරවා ඇය අව සිහියෙන් සිටියදී අතවරයට ලක්කර පසුව විවාහ කරගෙන ඇතැයි කියන පුද්ගලයකු හා එම සිසුවිය සැකපිට අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ විසි හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියට අදාළ සිසුවිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක අ.පො.ස. (උසස් පෙළ) හදාරමින් සිට ඇති අතර මෙම තරුණයා සමඟ වසර තුනක පමණ සිට පෙම් සබඳතාවක් පවත්වා ඇති බවත් පොලිසිය කියයි. සිසුවියගේ පාර්ශ්වයෙන් මෙම සම්බන්ධයට විරෝධය දැක්වීම නිසා මීට පෙර අවස්ථා කිහිපයකදීම නිවෙස්වලට හොරෙන් විවාහ වීමට සිසුවියගෙන් විමසුවද ඇයට අධ්‍යාපනය ලැබීමට ඇති අවශ්‍යතාව නිසා ඊට කැමැත්තක් නොදැක්වූ බව සිසුවිය පොලිසියට පවසා ඇත.

විදේශ රටක සේවයේ යෙදී සිටි මව නිරෝධායන කටයුතු අවසන් කර නිවසට පැමිණෙන විට දියණිය නිවසේ සිට නැත. එම නිසා මව බෙන්තොට පොලිසියට ගොස් තමාගේ දියණිය කිසිවකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ. එම පැමිණිල්ලට අනුව පොලිස් විමර්ශන ක‍්‍රියාත්මක වූ අතර යාත‍්‍රාමුල්ල ප‍්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ ත‍්‍රිවිල් රථයක් පරීක්ෂා කිරීමේදී පාසල් සිසුවිය සමග ගමන් ගත් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම තරුණයා සිසුවිය බලහත්කාරයෙන් ති‍්‍රවීල් රථයට නංවාගෙන ප‍්‍රදේශයෙන් පලා යන්නට උත්සාහ ගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි. එල්. ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි බෙන්තොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂිත වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. ටී. පී. පේ‍්‍රමතිලක, පො.සැ. (50001) පියසෝම හා කාන්තා පොලිස් කොස්තාපල් නන්දනී යන නිලධාරීහු මෙම වැටලීම කළහ.

Divaina

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements