Advertisement


ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර දෙවැනි ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරය ගොඩනැගීමේ උත්සාහයක නිරතව සිටින බව වාර්තාවේ. මේ වනවිට ඔහු 71 අරගලයේදී ජවිපෙන් කැඞී වෙන්වී ගිය සාමාජිකයන් සහ 71 මහ නඩුවේදී රෝහණ විජේවීර සමග විරසක වූ ප‍්‍රබල සාමාජිකයන් එක පිළකට එකතු කිරීමේ උත්සාහයක නිරතව සිටියි.

එසේම ඊට ප‍්‍රවේශ වීම සඳහා රට පුරා විසිරී සිටින 71 අරගලයට සහභාගි වූ සාමාජිකයන්ගේ දූවා දරුවන්ගේ එකතුවෙන් ‘‘දෙවැනි පරපුර’’ නමැති සංවිධානය ගොඩනගාගෙන ඇති අතර ඉකුත් කාලය පුරා ක‍්‍රියාත්මක වී ඇති එම සංවිධානය තරුණ ප‍්‍රජාව ඉලක්ක කර භාෂා පන්ති පහක් පැවැත්වීම, සංවිධානය ආර්ථික අතින් සවිමත් කිරීම සඳහා කාබනික වගා ගොවිපොළ ඇති කිරීම වැනි සැලසුම් කිහිපයක් ක‍්‍රියාත්මක කර තිබේ.

71 අරගලයට පනස් වසරක් සපිරෙන එළැඹෙන අපේ‍්‍රල් විරු සැමරුමේදී ඒ සඳහා එක්වූ සියලූම සාමාජිකයන් අගයමින් අපේ‍්‍රල් 04 වැනිදා සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම සහ 71 විරුවන්ගේ නිල වෙබ් පිටුවක් අන්තර්ජාලයට මුදාහැරීමට ද උවිඳු විජේවීර මේ වන විට සූදානම් වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements