Featured News

Video Gossip

Advertisement

විමුක්ති කුමාරතුංග දේශපාලනයට?

හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක නැවත වතාවක් දේශපාලන කරළියෙහි හොල්මන් කරන්නට පටන් ගෙන තිබේ. . GOSSIP GOSSIP LANKA
 
මෑතක සිට සිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට නව පණක් ලබාදෙමින් ඇය තමන්ගේ දේශපාලන පෞර්ෂය ඔසවා තැබීම වෙනුවෙන් යමක් කරමින් සිටියා.

ඇයගේ හෝ ඇයගේ පුතු විමුක්ති කුමාරණතුංගගේ දේශපාලන ආගමනයක් නුදුරේම වියහැකි බවට පෙර නිමිත්තක් ලෙස ඒ තේරුම් ගත හැකිවිය.

එය නිවැරදි කරමින් ඇය ඊයේ ( 16) වීඩියෝ පටයක් මුදාහරිමින් ඇයගේ සූදානම සහ විමුක්තිගේ දේශපාලන ආගමනය ගැන නිශ්චිත යමක් පවැසුවාය. . GOSSIP GOSSIP LANKA

ඒ අනුව නියත ලෙසම විමුක්ති මෙරට දේශපාලනය වෙත පිවිසෙනු ඇත. ඊට යොදාගන්නා වේදිකාව ගැනත් ඇය සඳහන් කළ අතර එය අලුත් මුහුණුවරකින් සිදුවෙනු ඇති බවත් අපේක්ෂා කළ හැකිය.

චන්ද්‍රිකාගේ ලිබරල් දේශපාලනයත් විමුක්තිගේ යුරෝපියානු මොඩලයේ සමාජ සංස්කෘතික ජීවිතයත් ( ඔහුගේ දේශපාලනික අදහස් ගැන මතයක් පළ කළ නොහැකි නමුත් එයද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වනවාට සැකනැත.) වෙනස් දේශපාලනික යමක් මෙරට තුල රෝපණය කිරීම සිදුවියද හැක.

ඒ කොහොම නමුත් ඒ මතුපිටින් පෙනෙන්නට තිබෙන දෙයට වඩා බරපතල දේශපාලනික කුමන්ත්‍රණයක් තිබීමේ ඉඩකඩ සියයට සියයක හැකියාවක් තිබේ. . GOSSIP GOSSIP LANKA

පසුගිය රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ මෙහෙයුමේ ප්‍රමුඛ කාර්යභාරය සිදු කළේ චන්ද්‍රිකාය. ඇය සමඟ රනිල්, මංගල සිටියහ.

මේ ලිබරල්වාදීන් යනු අමරිකානු සහ යුරෝපියානු දේශපාලන ජාලයේ මෙරට නිත්‍ය නියෝජිතයන්ය.

මේ වන විට රනිල් සහ මංගලගේ හැසිරීමද නිරීක්ෂණය කරන විට යම් අපේක්ෂාවක් ගැන ඉඟි සපයමින් සිටින බව පැහැදිලිය.

විශේෂයෙන්ම ඔවුන් තාරුණ්‍යය ඉලක්ක කරගත් ලිබරල්වාදී දේශපාලනික මෙහෙයුමක සිටී.

විමුක්ති එහි නායකත්වය සඳහා නම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සහිත පුද්ගලයෙකි.

ඒ දේශපාලන පවුල් පරම්පරාව ඔහුගේ දැන උගත්කම් සහ පුද්ගල පෞර්ෂය මෙරට සාම්ප්‍රදායික දේශපාලනික තෝරාගැනීම්වලට ගැලපෙන්නකි.

එමෙන්ම නව්‍යවාදී ගුණයක්ද එහි තිබේ.

වත්මනෙහි සිංහල බෞද්ධ පක්ෂපාත ජාතිකවාදි දේශපාලනික අපේක්ෂා භංගවෙමින් පැවැතීම සහ එය තව දුරටත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මුහුණ දි තිබෙන අර්බුද හමුවේ විමුක්තිට දේශපාලනයට පිවිසීම සඳහා රෙද්දයි බැනියමයි අවශ්‍යද නොවනු ඇත. තමන්ගේ සියාට වූ වැරදීම් මඟ හරවාගෙන ඔහුට දේශපාලනික ගමන් මගක් තෝර ගැනීමේ පහසු ඉඩකඩක් තිබේ.


එසේම අමරිකාව සහ යුරෝපීය රාජ්‍යයන්ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තියද එහි මිතුරකු වන ඉන්දියාවේ බලපෑමද සලකා බලන විට මෙරට දේශපාලන අනාගතයට වියහැකි දේ ගැන දළ චිත්‍රයක් මවා ගතහැකිය. විමුක්ති කියන්නේ එහි අනාගත මතුපිට ස්වරූපය විය හැකිය.

එහෙත් මේ තත්වය තවම නිශ්චිත නැතත් වත්මන් ආණ්ඩුවට මේ නොතකා සිටිය නොහැක.

විමුක්තිට දේශපාලන වේදිකාවේ ඉඩක් හැදෙන තැනට වැඩ සිදුවන්නේ නම් මේ දේශපාලන අනතුර බාරගැනීමට ආණ්ඩුවට සිදුවෙනු ඇත.

එය වලක්වා ගැනීමට නම් ආණ්ඩුව ජනතාව හමුවේ සපත කළ පොරොන්දු පත්‍රය ක්‍රියාවට නැංවීම කඩිනම් වියයුතු බව අමුතුවෙන් කිවයුතු නැත.

එසේම එල්ල වන නව අභියෝග හමුවේ මල නොතලා රොන් ගන්නා සේ සාර්ථක විසැඳුම් ඉදිරිපත් කිරීමට සමත් විය යුතුය.

ලැබී තිබෙන අසීමිත බලය හමුවේ හිතුවක්කාර මෝඩ පාර්ශ්වික තීන්දුවලට නොයා සිටීමට වග බලාගත යුතුය.

විපක්ෂයට අවශ්‍ය සටන් පාඨ නිර්මාණය කරදීම ආණ්ඩු පාර්ශ්වයෙන්ම සිදු වන්නේ නම් 2024 යනු බන්දේසියක දමා යළි බලය ප්‍රදානය කිරීමක් පමණක්වීම වැලැක්විය නොහැකිවනු ඇත.

(සුභාෂ් ජයවර්ධන)

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements