Featured News

Video Gossip

Advertisement

1990ත් නෑ… 1990 ට එන්න බැරිවෙලා
ඉදිරිය එතරම් හොඳ නෑ

රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට නොහැකි වීම හේතුවෙන් පුද්ගලයෙකු නිවසේ දී මියගොස් තිබේ.

ඔහුට රෝහලට ඇතුළත් කිරීම සඳහා ඒ මොහොතේ පහසුකම් නොතිබූ බව වෛද්‍යවරයකු වූ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි සඳහා සඳහන් කර ඇත.

එම සටහන මෙසේය.

ඉදිරිය එතරම් හොඳ නෑ….
අම්බලන්ගොඩට ඊයෙ ආපු positive ගාන 28ක්…
හුස්ම ගන්න අමාරු ලෙඩෙක් ඉන්නව කියල දුරකතන ඇමතුමක් ආවා… එතකොටත් ambulance සොයන්න පටන් අරන්..

1990 ගන්න කියල එයාලටත් කිව්වා… අපිට ලෙඩෙක් ඉන්නව කියල ambulance යවනව කියන ලේසි වැඩක් නොවෙයි…
1990ත් නෑ… 1990 ට එන්න බැරිවෙලා..

ප්‍රතිඵල ඇවිත් විනාඩී 45ක් තුල රෝගියා ගෙදරම මියගියා.. ගෙදර මිනිස්සු විලාප,දෙනවා කෑ ගසනවා කවුරුත් උදව්වට නෑ…

උදව් කල හැක්කේ සීමා සහිතව… අපි පිටත් උනා.. මහ රෑ කෝමද මේ වැඩ ටික කරන්නෙ…. යනගමන් සහෝදර වෛද්‍ය වරුන්ගෙන් උපදෙස් පැතුවා…

මටත් පලමු අත් දැකීම… පවුලේ ලඟම නෑදෑයෝ වෛද්‍යවරයකු ඇතුලු සෞඛ්‍ය කාර්‍යමංඩලය ඉන්නවා මට කතා කරල ඇයි අපි මිනිස්සුන්ට උදව් කරල මෙහෙම,වෙන්නෙ අහනවා.. PHI මහත්වරු බටපොල පොලිසිය හා කොර්නෙල් මහතා සම්බන්ධ කරගන්නා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමන් ඇමතුවා.. මම,ඉල්ලා සිටියා මහ රෑම මේ කටයුත්ත කරගන්න උදව් කරන්න කියලා.. පුදුම උදව්වක් ලැබුණේ .

අපි කණ්ඩායම එක්ක නින්දානෙ ගෙදරට ගියා.. ඒ අසරන කමක තරම… ගෙදර අයත් එයාලගෙ දුකත් එක්ක කාටත් කෑ ගඩනවා.. දැන් ආවට වැඩක් නෑ කියනව… අපි කල හැකි එකමදේ අවසන් කටයුතු මාර්ගෝපදේශක අනුව ක්‍රියාත්මක කිරීම…

බටපොල රෝහලට මේ අතර කතා කලා වෙන කවුරුත් මේ body එක ගෙනියන්න වාහන දෙන්නෙ නැ කියල දන්න නිසා.. එම කාර්‍යමංඩලය පුදුම කැපවීමක් කලා… ගෙදර අයගෙන් අහුවා මොනවද ඔයාලා තම ආදරණීය ස්වාමිපුරුශයා පියා වෙනුවෙන් කරන්න ඕනි කියලා..

පෙට්ටියක තබන්න කියන ඉල්ලිමත්… පාංශකූලය දීමත් තමයි අසරණ ඉල්ලීම් උනේ… තිසර මල්ශාලාවට කතා කලා .. පෙට්ටියක් ඉල්ලුවා කාතාව කියල පස්සෙ මුදල් දෙන්නම් කියල. ඒ වෙලවෙම ඔවුන් ඒ උදව්ව කලා.. පවුලේ අය හාමුදුරුවෝ සම්බන්ධ කලා අදාහනාගාරයට … ඉතින් තම ස්වාමිපුරුශයා ගේ මල ගමට යන්න ඉල්ලුවා.. ඒක අපිට කරන්න දෙන්න බැරි උනා… ගෙදර අය කෑගසද්දි අපි මෙලෙස අරන් ආවා… රාතී එකට කිට්ටුයි…පාංශකූලය දුන්නා. නීරෝධායනය නොවන එක් පවුලේ නෑදෑකෙනෙක් පමනක් සහභාගී උනා…

මේ මරණය ඉක්මන් වීමට කොවිඩ් හේතු උනා කිව්වොත් නිවැරදියි… ඔවුන් අවුරුදුකාලේ පොදු ප්‍රවාහනයෙන් ත්‍රිකුණාමලය හා බුත්තල ගිහින් තියෙනවා…


ආවට පස්සෙ වෛද්‍ය රුවන් මහතා තමයි pcr සඳහා යොමු කලේ… නමුත් ප්‍රතිඵල එනකොටම… කිසිම උදව්වක් කරගන්න බැරිව හුස්ම ගැනීමේ අපහසුවෙන්ම ඔහු මිය ගියා…

අපි හැමෝම කොච්චර අසරණ ද කියන්නයි කොවිඩ් එක්ක මේ කතාව ලිව්වේ..

කොර්නෙල් මහතා ඉතා ඉක්මනින් සියලු රාජකාරි කරල දුන්නා. JMO මැඩම් අවශ්‍ය උපදෙස් දුන්නා.. මහ,රෑ අදාහනාගාරයේ මෙවැනි කටයුත්තක් කලේ පලමුව ඊයෙ.. ඔවුන් කල කැපවීම ප්‍රශංසනීයයි. බටපොල පොලිසියේ නිලධාරීන් දෙදෙනා ඔවුන්ගේ රාජකාරි කටයුතු ඉක්මනින්ම කරලදුන්නා..සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාමණ්ඩලය ලොකු උදව්වක් දුන්නා..

මහ රැ උදව් කල සියලුම දෙනාට තුති.
තවත් මෙවැනි කතා ලියන්න නොලැබේවා..

කවුරුත් පුලුහැමවිටම නිවසට වෙලා ඉන්න බලන්න

වෛද්‍ය නලින් විජේසේකර FB GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements