Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මාස 4 ක සිට පුෂ්පිකා නඩුවට කට්ටි පනිමින් සිටිනවා
කොළඹ පැවති ශ්රී ලංකා විවාහක රූ රැජින තරඟය අවසන් වූයේ ලංකාවේ ජරා ජීර්ණ දේශපාලනය තවත් වරක් ලොවට නිරුවත් කරමිනි. එම තරඟයේදී කිරුළක් දැරීමට තරම් නොවන, ඩිවෝස් ගැට්ටේ සිටින පංචස්කන්ධයකට කිරුළු පැලැන්දුවේය. ඊට විරෝධය පෑ කැරොලින් ජූරි, එම කිරුළ ඇයගෙන් ඉවත් කොට දෙවැනි ස්ථානයට පත් තරඟකාරියට පැලැන්දුවා ය.
කැරොලින් ජූරි පසුගියදා (9) එම සිදුවීම ගැන කරුණු පැහැදිලි කරමින් සමස්ථ රට සහ වැසියන් ලෝ වැසියන් වෙත වීඩියෝවක් නිදහස් කළා ය. තරඟය මුල සිටම දූෂිත දේශපාලකයන්ගේ සහ ජාවාරම් කරුවන්ගේ ග්රහණයට ලක් වූ බව කැරොලින් කීවාය. සංවිධායක මඩුල්ල සහ විනිශ්චය කරුවන් මුදලට යට වූ බව කීවාය. වටිනාකම් යනු අපේ ජීවිතවල මුල්බැසගත් සාරධර්මයන් බවත් ඒවා මුදලට ගත නොහැකි බවත් කීවාය. කැරොලින්ගේ වීරත්වය මෙන්ම පුෂ්පිකාගේ නිරුවත දැන් ලොවට රහසක් නොවේ.

සැමියා පුෂ්පිකා ගැන ඇත්ත හෙළි කළ හැටි..

පුෂ්පිකාගේ දික්කසාදය සම්බන්ධයෙන් ඇය කෙළින කෙප්ප හෙළිකරමින් ඇයගේ හිටපු ස්වාමි පුරුෂයා වන තිලංක ඩිල්ෂාන් දබරේරා නිකුත් කළ නිවේදනයේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.
 
ඕනෑම අයෙකුගේ පරිශීලනය සඳහා පුෂ්පිකා ද සිල්වා යන අය සමග ගිවිසගත් මාගේ විවාහයේ වත්මන් තත්ත්වය පිලිබඳව විමසූ සියළු දෙනාගේ දැන ගැනීම පිණිස මෙම ලියවිල්ල ඉදිරිපත් කරමි . පසුගිය අවුරුදු 4 පුරාවට සහ මේ දක්වා පුෂ්පිකා ද සිල්වා සහ මා අතර කිසිදු සම්බන්ධයක් නැත. දික්කසාදය මූලික කොට ගෙන ගල්කිස්ස දිසා අධිකරණය 72119/D නඩුව විභාග වෙයි. තවද එහි තීන්දුව දීම අද හෝ හෙට සිදු විය හැකිය (තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ඉතා ආසන්නය ). කෙසේ වුවද මාස 4 ක සිට පුෂ්පිකා නඩුවට කට්ටි පනිමින් සිටියි .
 
මෙම අවස්ථාවෙදී පුෂ්පිකාට නඩුව ඉවත් කරගැනීමට අවශ්‍ය වුවද ඊට කිසිදු ඉඩක් නැත. එහි වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය අයෙක් වෙත්නම් මාගේ නීතිඥයා සමග සම්බන්ධ විය හැක. මීට අවුරුදු දෙකයි මාස තුනකට පෙර මාගෙන් නෛතිකව වෙන් වීමට ප්‍රථමයෙන්ම නඩුවක් ගොණුකළේ පුෂ්පිකා ද සිල්වා ය. තවද මා ගෙන් වන්දි ලබාගෙන දික්කසාද වීම අරභයා ඇය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 25602 සහ 25843 ලෙසින් තවත් නඩු දෙකක් ගොණු කොට ඇත. ඒ පිලිබද උනන්දු වන ඕනෑම අයෙකුට එම නඩු වාර්තා ලබා ගත හැකිය. වසර 4 කට පෙර ඇයගෙන් වෙන් වූ දින සිට යලි ඇය සමග එකතු වීමේ කිසිදු බලාපොරොත්තුවක් මා තුල නැත.

පුෂ්පිකා ද සිල්වා යන අයගේ අවකල්ක්‍රියා පිළිබඳ නොදන්නා අය සමාජ මාධ්‍ය භවිතා කරමින් මා වෙත චෝදනා කිරීම කනගා‍ටුදායකය. නමුත් ඇයට චෝදනා කරමින් මගේ දරුවාගේ මව වන ඇයගේ මුහුණේ දැලි ගෑමට මා බලපොරොත්තු නොවෙමි. 

මා බලාපොරොත්තු සුන්වූ ස්වාමිපුරුෂයෙකු, පියෙකු බවට පත් වූයේ පුෂ්පිකා වැනි භාර්යාවකගේ අවකල්ක්‍රියා නිසා වුවද එම හේතු මේ දක්වා ප්‍රසිද්ධියේ කථා කොට නැත. මට ලබා දිය නොහැකි අති සුඛෝපගෝගී දෑ ඉල්ලා පෙරත්ත කිරීම සහ එය පාදක කරගනිමින් පුෂ්පිකා ඇතිකරගත් විරසකය දික්කසාදයේ නිමිත්ත විය. විවාහය කඩා දැමුවේ මාගේ දෙමාපියන් විසින් යයි ඇය මාධ්‍ය වෙත කරන ප්‍රකාශය අමූලීක බොරුවකි. වෙන්වීමට ඇය තීරණය කළ විට දරුවාගේ නාමයෙන් වෙන් නොවද ලෙස ඉල්ලා මාගේ දෙමාපියන් ඇය ඉදිරියේ වැඳ වැ‍ටුන ආකාරය අද මෙන් මතකය.

මා හට ලබා දී ඇති සීමිත රාමුව තුල හැකි සෑම අයුරකින්ම දරුවා ‍රැක බලාගැනීමට මා කටයුතු කොට ඇත ඇත. ඇය අවස්ථාව දෙන්නේ නම් මීට වඩා කැප වීමට මා සූදානම්යෙ. මෙම කරුණු සඳහන් කරමින් 2021 අප්‍රියෙල් 5 දින මාගේ මුහුණු පොතේ සටහනක් තැබීමි. සත්‍යයට බිය වූ ඇය අභුත චෝදනාවෙන් මා වෙත පහර දුන්නා ය. මාගේ FB ගිණුම මාගේ නොවේ යයි අභුත චෝදනාවක් කළේය. 2008 ආරම්භ කළ එම FB ගිණුම මාගේ නියම එක බව සහ මෙහි දැක්වෙන කරුණු සියල්ල සම්පූර්ණ සත්‍ය බව විශ්වාසීව ප්‍රකාශ කරමි.
අත්සන් කෙළේ
ඩබ්. තිලංක ඩිල්ෂාන් දබරේරා

ලංකා ඊ නිව්ස් ඇසුරෙනි

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook