ASP එරික් වැසූ වෙන්නප්පුවේ සම්බාහන යළි විවෘත වෙයි | Gossip Story
ASP
,
ERIC PERERA
,
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ නියෝග මත වසා දමන ලද වෙන්නප්පුව සහ දංකොටුව ප‍්‍රදේශවල පිහිටි සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස යළි විවෘත කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
වෙන්නප්පුව නගර මධ්‍යයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් මේ වන විටත් ආරම්භ කර ඇති අතර නගරයේ පිහිටා තිබූ තවත් සම්බාහන මධ්‍යස්ථාන අටක් ඉදිරි දිනවලදී නැවත ආරම්භ කිරීමට ඒවායේ හිමිකරුවන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
වෙන්නප්පුව සහ දංකොටුව පොලිස් බල ප‍්‍රදේශයන්හි පාසල්වල විදුහල්පතිවරුනගේ්, ආගමික ස්ථානවල නායකයන්ගේ සහ දෙමවුපියන්ගේ ඉල්ලීම මත සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ මැදිහත්වීමෙන් මෙම සම්බාහන මධ්‍යස්ථාන වසා දැමීමට කටයුතු කර තිබිණි.
මෙම සම්බාහන මධ්‍යස්ථානවලට පාසල් දරුවන් යෑමේ ප‍්‍රවණතාව වැඩිවීම නිසා ඒවා වසා දැමීමට පියවර ගෙන තිබිණි.
මේ වන විට සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මීගමුව සහකාර පොලිස් අධිකාරී ලෙස ස්ථාන මාරුකර ඇත.
GOSSIP GOSSIP LANKA

