කොරෝනා පැණිය නිසා මං අමාරුවේ වැටුනා - මට හොර මහාචාර්ය කෙනෙක් කිවුවා - මහාචාර්යකම අතහැරලයි දේශපාලනයට ආවේ - චන්න ජයසුමන [VIDEO]
Channa Jayasumana
,
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
mini-gossip
,
News
,
video
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සුදර්ශණ පැණිය භාවිත කිරීමක් ගැන අදහස් පළ කිරීම හේතුවෙන් තමන් බරපතල ගැටලූ ගණනාවකට මුහුණ දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. Channa Jayasumanaතමන් රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කමද අතහැර දේශපාලන පැමිණි බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙම පැණිය සම්බන්ධයෙන් තමන්ට දැනුවත් කිරීමෙන් පසු ඒ ගැන පරීක්ෂණ කිරීමට තීරණය කළ බව ද ඔහු පැවසීය.
නමුත් මාධ්‍ය විසින් වැරදි ලෙස කරුණු වාර්තා කිරීම මත තමන් ගැටළු ගණනාවකට මුහුණ දුන් බවද ඔහු කීය.
කොරෝනා වෛරමයට සොයා ගන්නා බටහිර ඖෂධ ගැන දැඩි අවධානයෙන් පසුවන බවත් දේශීය ඖෂධ සම්බන්ධයෙන්ද සහාය දක්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.
