Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

නාසි සැලියුට් නිසා කතා බහට ලක්වුණු කැරොලින් ජූරිගේ පුද්ගලික පුහුණුකාරී චූලා

මගේ පුතාට Autism කියන්න මම ලැජ්ජ නෑ,ඒක ලෙඩක් නෙමෙයි..... කියමින් මීට සති දෙකකට පමණ ඉහතදී ළහිරුගේ යූටියුබ් නාලිකාවේ ප්‍රසිද්ධ කතාවක් කළ චූලා පද්මේන්ද්‍ර ගැන මතකද?

පසුගිය ඉරිදා සිදුවූ රූ රැජිණ හුටපටයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ චරිතයක් බවට ඇය දැන් පත්වී තිබේ.

එහිදී ඇය පුෂ්පිකාට බැණ වැදීම සහ අශ්‍යාට කිරුළ පැළඳූ පසු හුරේ දමන්නට මෙන් පෙන්වා සිටින හිට්ලර්ගේ නාසි සැලියුට් එක සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහකට මුල පුරා තිබේ.
කැරොලින් ජූරි ලෝක විවාහක රූරැජිණි තරගයට යවන්නට පෙර සිට ඇයගේ පුහුණුකාරිය වූයේ මේ චූලාය.

එතැන් සිට ඇගේ ජයග්‍රහණයෙන් පසු කාලය දක්වා කැරොලින්ගේ හිතවතිය හා සහායිකාව වූයේ ඇයයි.

(ඕක එයාට අයිති නෑ ...පුෂ්පිකාගෙන් ගලවල ආශ්‍යට ඕක ඔයා දාන්න... තරමක නපුරු පෙනුමක් ඇති ඇය කැරොලින්ට උපදෙස් දුන්නාදැයි සැක පහළවේ)

මීට වසර ගණනාවකට ඉහත සිරස ඩාන්සින් ස්ටාර් 2 තරගාවලියෙන් ඉදිරියට ආ චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ නිරූපිකාවක හා නර්තන ශිල්පිණියක ලෙස ඒ කාලයේ ප්‍රකට විය.

ඇතැම් චිත්‍රපට චරිතද ඇයට රඟපාන්නට ලැබිණි.

විවාහයෙන් පසු ඇය ක්ෂෙත්‍රයෙන් තරමක් දුරස් වුවත් නැවත 2020 වසරේ කැරලයින්ගේ ජයග්‍රහණයෙන් පසු ඇය ක්ෂෙත්‍රයේ කටයුතු වලට දායක වන්නට පටන් ගත්තාය.

චූලා වසර 20 ක පමණ කාලයේ සිට නිරූපණ කටයුතු වල යෙදුණ බව පැවසේ.

කැරලයින් ඩුබායිහි වාසය කරන කාලයේ හිතවතියක මාර්ගයෙන් චූලාට හඳුනාගන්නට ලැබෙන අතර අනතුරුව කැරලයින්ගේ පුහුණු කාරිය ලෙස ඇයව තෝරාගෙන තිබේ.

ජාත්‍යන්තර තරගයට ඉදිරිපත්වීමේදී කැරලයින්ගේ කැට් වෝක් පුහුණු කිරීම, පෞර්ෂ්‍යය පෙන්වීම පුහුණු කිරීම ඇය සිදු කර තිබේ.

ඇගේ පුහුණුව ලැබීම වෙනුවෙන් කැරලයින් විශේෂ කැපවීමක් කළ බවත් ඒ වෙනුවෙන් කැරලයින්ගේ ස්වාමියා වේලාව ගතකරමින් රැඳී සිටිමින් විශාල සහයක් ලබාදුන් බවත් රූප රැජිණි තරගය ජයග්‍රහණයෙන් අනතුරුව චූලා කියා සිටියාය.

තමා යටතේ පුහුණුව ලැබූ තරගකාරිය ලෝක විවාහක කිරුළ ලද පසු චූලාටද විශේෂ පිළිගැනීමක් ලැබුණ අතර පසුගිය කාලයේ මාධ්‍ය සාකච්ඡා ගණනාවකටද ඇය සම්බන්ධ වූවාය.

කෙසේ වෙතත් පසුගිය ඉරිදා කැරලයින් සමග හවුල්වී ඇයද දායකවූ ක්‍රියාව මේ වනවිට සමාජයේ අප්‍රසාදයට ලක්ව තිබේ.

චූලා පද්මේන්ද්‍ර මෙයට වසර 12 කට පෙර 2009 සිරස ඩාන්සින් ස්ටාර් අවසන් මහ තරගයේදී සිය සහායක තරගකරු සමග තුන්වන තැනට පත්වූවාය.

එම අවස්ථාවේදී දෙවැනියා හා පළමුවැනියා නම් කරන තුරු වේදිකාවේ රැඳී සිට ඔවුනට සුබ පතනු වෙනුවට තමන්ට ජයග්‍රහණය අහිමිවූ විගස සිය කෝපය සභාවට පළකරමින් සහායකයා එපා කියද්දී වේදිකාවෙන් බැස ගියාය.

එය ඒ කාලයේ එය මාධ්‍ය තුළද ආන්දෝලනයට තුඩුදුන් හැසිරීමක් විය.

ඇය නැවත මේ ආකාරයටම තරග විනිශ්චයන්ට නිගරු කර ඇත්තේ වසර 12 කට පසුය.

GOSSIP LANKA NEWS
GOSSIP GOSSIP LANKA

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook