Featured News

Video Gossip

Advertisement


‘අංගොඩ ලොක්කා’ නමැති පාතාල නායකයාගේ පාතාල ගුරුවරයා බව කියන සරත් කුමාර හෙවත් ‘චීටි’ නමැති මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (09 )  අලූයම අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු මුල්ලේරියාවේ පිහිටි නිවසේ පොළොව යට බංකරයක් සකස් කරගෙන සිටියදි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා මුලින්ම පාතාල ලෝකයේ ගුරුහරුකම් ලබාගෙන ඇත්තේ චීටි නමැති මෙම පාතාල ප‍්‍රබලයා යටතේ බව ද විශේෂ කාර්ය බළකාය කියා සිටියි.
දීර්ඝ කාලයක සිට මොහු මුල්ලේරියාව ප‍්‍රදේශයේ නීති විරෝධි මත්පැන්, ගංජා, හෙරොයින්, ජාවාරමේ නිරත වී සිට ඇති අතර ධනවත් පුද්ගලයන්ට මරණීය තර්ජන එල්ල කරමින් කප්පම් මුදල් ලබා ගැනීම සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මොහු ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලිවලින් සහ පොලිසියෙන් බේරී සැඟවී සිටීමට නිවසේ කාමරයක පොළොව යට බංකරයක් සකස් කර තිබී ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම බංකරය හෙරොයින් තොග සැඟවීමට ද යොදාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

චීටි නමැති මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීට වසර කීපයකට උඩදී වැලිගමදි අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 112ක් රැුගෙන ඒමේ සිද්ධියට ද සම්බන්ධ වූ පුද්ගලයෙකි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝයි සුමනවර්ධන, සහකාර පොලිස් අධිකාරි කටුගම්පොළ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements