Advertisement


හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 11 වසරේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි පාසල් සිසුවියක් දැරු ප්‍රසුතියක් සිදු කර ඇති බවත්, එම පාසල් සිසුවියගේ පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය වෙත (03) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නියෝග කලහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි එස්.ගජෙන්ද්‍රන් නැමති (21) හැවිරිදි තරුණයෙකුවයි.

දරු ප්‍රසුතිය සිදු කල පාසල් සිසුවිය ඉකුත් මස 26 දින පාසලට ගොස් ඇති බවත්, 29 දින ඇය නිවසේදි දරු ප්‍රසුතිය සිදු කර ඇති බවත්, ඒ පිලිබදව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයට ලද තොරතුරක් මත දරු ප්‍රසුතිය සිදු කල පාසල් සිසුවියගෙන් සහ ඇගේ දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කල අවස්තාවේ තොරතුරු අනාවරණය වු බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් කියා සිටියේ.

දරු ප්‍රසුතිය සිදු කල පාසල් සිසුවිය සහ ඇය විසින් බිහි කල බිලින්දා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ
GOSSIP GOSSIP LANKA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements