Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයට දේශපාලන බලපෑම් ආවා

කතා බහට ලක්ව ඇති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟයේදී ශිරන්ති රාජපක්ෂ , ජලනි ප්‍රේමදාස සහ රෝසි සේනානායක සහභාගී වූ අතර. තරඟාවලියේ අවසන් අවස්ථාවේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ හට ත්‍යාග ප්‍රධානය කිරීම සඳහා රෝසි සේනානායක සහ ශිරන්ති රාජපක්ෂ පැමිණ සිටියහ.

2020 විවාහක රෑ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා තේරී පත් වූ අතර 2019 දී ලෝක විවාහක රෑ රැජින වන කැරොලින් ජූරි විසින් ඇයට කිරුළ පැළඳීම සිදු කළාය.

ඉන්පසුව ශිරන්ති රාජපක්ෂ සහ රෝසි සේනානායක යන මහත්මියන් එක්ව ජයග්‍රාහිකාව හට සුබ පතමින් ත්‍යාග ප්‍රධානය කළහ.

නමුත් ආරාධිතයන් පිටව ගිය පසු ලෝක විවාහක රෑ රැජින වන කැරොලින් ජූරි විසින් ප්‍රකාශ කර සිටියේ විවාහක රෑ රැජින තරඟාවලියේ නීතියක් ඇති බවත් එහිදී සියලු තරඟකාරිනියන් විවාහක විය යුතු බවත්, දික්කසාද වී සිටින තැනැත්තියන් හට මෙම තරගයට ඉදිරිපත් විය නොහැකි බවත්ය.

ඒ අනුව කැරොලින් ජූරි විසින් කිරුළ පුෂ්පිකා ද සිල්වාගෙන් ගලවා ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර දෙවැනි ස්ථානය දිනාගත් රූ රැජින හට එය පැළැන්ඳ වීමටද කටයුතු කළාය.

මේ පිළිබඳ විවාදය මේ වනවිටත් ජාත්‍යන්තර විවාහක රූ රැජිණ තේරීමේ සංවිධායක මණ්ඩලයට ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව කැරොලින් ජූරි ලෝක රූ රැජිණකට නොගැළපෙන ආකාරයකින් රූ රැජිණ තරඟයකදී කටයුතු කිරීම හේතුවෙන් 2019 වසරේ ඇයට හිමි වූ ලෝක රූ රැජිණ කිරුළ අහෝසි කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

රූ රැජින තරගයට දේශපාලන බලපෑම් ආවා

මේ අතර ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයට විවිධ දේශපාලන බලපෑම එල්ල වූ බව එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයේශා බස්නායක සඳහන් කරයි. 

තරගාවලිය පැවතුනේ කිසිදු විනිවිදභාවයකින් තොරව යයිද ඇය සඳහන් කරන්නීය.

කෙසේ වෙතත් ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි කටයුතු කළ ආකාරය ගැන ප්‍රශංසනාත්මකව අදහස් පළකරන අැය ‘කැරලයින් ජූරි වීර කාන්තාවක’ යයිද සඳහන් කරයි.

ඇය මෙම අදහස් පල කරන්නේ Hiru  නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements