බොහෝ දෙනෙකු මිය යාවි - යුරෝපයටත් වඩා සීඝ්‍රයෙන් වෛරසය පැතිරෙනවා - වසංගත රෝග ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර | Sudath Samaraweera
gossip
,
gossip lanka
,
mini-gossip
,
neth gossip
,
NETH NEWS
,
News
,
Sudath Samaraweera
යුරෝපයේ පැතිරීගිය වෛරස් ප්‍රභේදයට වඩා ඉතාම සීඝ්‍රයෙන් මෙවර වෛරසය පැතිර යාම ආරම්භ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
රෝහල් ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් වාර්තා වුවහොත් එය විශාල ඛේදවාචකයක් විය හැකි යැයි ද ඔහු පෙන්වා දෙයි.
කොරෝනා ව්‍යාප්තිය වැඩි විය හැකි නිසා තවත් බොහෝ දෙනකු ඊට ගොදුරු වී මිය යාමෙන් බේරා ගැනීමට ඉතා සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු අවධාරණය කරයි.
‘යුරෝපයේ පැතිරී ගිය වෛරසයට වඩා ඉතාමත් සීඝ්‍රයෙන් මෙම වෛරසය පැතිර යෑම ආරම්භ වී තිබෙනවා. එය ඉතාම භයානක තත්ත්වයක්.
මේ තත්ත්වය දිගින් දිගටම සිදු වුවහොත් මෙය රෝහල්වලට දරාගත නොහැකි තත්වයකට පත් වෙනවා. එහෙම වුවහොත් එය සමාජගතවීමක් හැටියට සැලකීමටත් ඉඩ තිබෙනවා. අපේ රටේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් අපි ලොකුම ඛේදවාචකයකට පත් වනවා.
විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනා නැවතත් දින 14 නිරෝධායනය අනිවාර්ය කළා. සති අන්තයේ නිවාඩු ගත කිරීම සඳහා යෑම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුයි.
දැන් තිබෙන වර්තමාන වෛරස් තත්ත්වය අනුව පොදු ප්‍රවාහන සේවයේ යෑමේදී දැඩි ප්‍රවේශම්කාරීව ගමන් කළ යුතුයි’
GOSSIP GOSSIP LANKA
hot news news lanka
news lanka gossip lanka hot

