Advertisement

විවාහක රූ රැජන පුෂ්පිකාද සිල්වා නිසා තවත් පවුල් අවුලක්
දික්කසාද කතාව ඇත්තක් 
කැරොලයින් ජූරි කරපු වැඩේ හරි?

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ දී කිරුළ දිනූ පුෂ්පිකා සිල්වා මහත්මයගෙන් කිරුළ ගලවා දෙවැනි ස්ථානයට පත් වූ ආශා බස්නායකට එය පැළඳ වීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමිජය තුල දැඩිලෙස කතා බහට ලක්වන්නට විය.

ඇය එහිදී සඳහන් කර ඇත්තේ තමනට එසේ කිරීමට අයිතියක් ඇති බවයි.

තමන් පුෂ්පිකා ද සිල්වා ගේ හිසෙන් කිරුළ ගලවා දෙවැන්නාට පැලදවූයේ තරග නීතිරීති අනුව බව ද ඇය කල ප්‍රකාශයේ සඳහන් විය.

මේ අතර පුෂ්පිකා ද සිල්වා නිසා තවත් පවුල් අවුලක් ඇතිවී ඇති බවට ගොසිප්99 අප වෙත වාර්තා වේ. ඒ පුෂ්පිකද සිල්වාගේ පෙර සැමියා සහ ඔහු විවාහවීමට සිටින පෙම්වතිය අතරයි..

පුෂ්පිකාද සිල්වාගෙන් නිත්‍යානුකූලව දික්කසාද වීමට දැමූ නඩුවක් පිලිබදව දුරකතන සංවාදයක් මේවන විට සමාජාලා වල දක්නට ලැබෙනවා. ඒ පුෂ්පිකාද සිල්වා විවාහක රෑ රැජින තරගයට සහභාගීවීමට ඇති බැවින් උසාවි දින පැහැර හැරීමක් පිලිබදව, ඒ තුල සාකච්ඡා වන බව පෙනී යයි.

ඇය මාස හතරක් දික්කසාදය ලබා දීමට කල් ඉල්ලා ඇති බවත් , නමුත් මීලග නඩු දිනය පැහැර හැරීමෙන් සැමියාට නිරායාසයෙන්ම දික්කසාදය හිමිවන බවට ඒ තුල කියැවෙයි.

තවදුරටක් සමාජ මාධ්‍ය තුල සදහන් වන්නේ මෙවර විවාහක රෑ රැජින තරගාවලියේ ජයග්‍රාහීකාව ලෙස පුෂ්පිකා කිරුලු පැලදවීම සංවිධායක මණ්ඩලයේ පෙර සූදානමක් පිට සිදුවූවක් බවයි. ඒ සදහා යම් දේශපාලන බලපෑමක් ඇති බවද සදහන්.

ඒ ඇයගේ අනාගත දේශපාලන ආගමනයට වැඩි ප්‍රසිද්ධියක් ලබා දීම සදහා බව ඒ වැඩි දුරටත් කියැවෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements