Featured News

Video Gossip

Advertisement


කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය ලබාදුන්නේ ගිවිසුමක් මගින් වන අතර වරාය නගරය ‍පනතක් හරහා චීනයට පවරාදෙන්නට යාම හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානක එකක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය විකුණද්දීත් තමා එයට විරුද්ධ වූ බව කී රාජපක්ෂ මහතා එහි එක් ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය නැත්තනට නැති වූ බව ද කීවේය. Wijeyadasa Rajapakse

විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙ‍සේ ද කීවේය.

” අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි ‍වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි.

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි‍යෝද මෙහිදී අදහස් දැක්වීය.


– lankadeepa
GOSSIP GOSSIP LANKA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements