Advertisement


පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පෙරදින බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු වන සහරාන්ගේ බිරිය සහ මේ වනවිට ඉන්දියාවට පළා ගොස් සිටින බවට සැකකෙරෙන බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සාරා නමැති අය මුණගැසීම සම්බන්ධයෙන් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධව අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස් නමැත්තෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා පෙරේදා (21දා) කොළඹ කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
මොහොමඩ් රිෆාස් නමැත්තා රෙදි මිලදී ගැනීම සඳහා මොහොමඩ් සහරාන්ගේ බිරිය සහ 'සාරා' යන තැනැත්තිය මුණගැසී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව අධිකරණය හමුවේ දන්වා සිටිනු ලැබිණි.

අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස් නමැත්තා බෝම්බ ප්‍රහාර සිද්ධියට අදාළව මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටියි.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ඔහුව මේ වනවිට රඳවා සිටින අතර බන්ධනාගාරය මගින් ඔහුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා කොළඹ කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

පෙරෙට්ටුවට සහභාගිවූ පුද්ගලයන් පිළිබඳව විත්තිකරු විරෝධතාවක් ප්‍රකාශ කිරීම මත පෙරේදා (21දා) හඳුනාගැනීමේ පෙරෙට්ටුව නොපැවැත්වුණ අතර කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර සිටියේ ලබන මස 5 වන දා සැකකරුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව, හඳුනාගැනීමේ පෙරෙට්ටුව ලබන මස 5 වන දා උදයවරුවේ පැවැත්වීමට නියමිතය.
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements