Featured News

Video Gossip

Advertisement


ඉදිරියේදී මෙරට හුදෙකලා කරන ප්‍රදේශ ඉහල යා හැකි බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එහි ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ යම් ප්‍රදේශයක කොරෝනා ආසාදිතයන් වර්ධනයක් පෙන්නුම් කළ හොත් වහාම එම ස්ථානයන් හුදකලා කිරීමට සිදුවන බවයි.

මෙරටින් හඳුනා ගන්නා ආසාදිතයන් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවද ඒ මහතා කියා සිටියේය.

මේ අතර ඉහළ යන කොරෝනා ව්‍යාප්තිය පාලනයට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට එම කාර්ය සාධක බලකාය හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇත.

මතුවෙමින් ඇති කොරෝනා ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීම හෝ ප්‍රදේශ වශයෙන් වසා දැමීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මේ අතර සෞඛ්‍ය විශේෂඥ දැනටමත් පෙන්වා දී ඇත්තේ ඉතා තද සීමා කිරීම් සිදු නොකළහොත් වෛරසය රට පුරා පාලනය කළ නොහැකි මට්ටමට පැතිර යනු ඇති බවයි.

කෙසේ වෙතත් පැතිරෙමින් ඇති වෛරස ප‍්‍රභේදය ගැන සිදු කරන පරීක්‍ෂණවල ප‍්‍රතිඵල ඉදිරි දින දෙකක පමණ කාලයේදී ලැබීමට නියමිත අතර ඉන් පසු මේ පිලිබදව අවසන් තීන්දුව ගැනෙනු ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර ආර්ථික විශේෂඥයන් ඉතා දැඩිව අවධාරණය කර ඇත්තේ කුමන තත්වයක් යටතේවත් රට වසා නොදැමිය යුතු බවයි. එසේ සිදු කිරීමට තරම් ආර්ථික හැකියාවක් නොමැති බවද ඔවුන් පෙන්වා දී ඇත.
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements