Advertisement


පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම රෝගීන් වර්ධනය අඩකින් වත් අඩු කර ගැනීමට සෞඛ්‍ය පැත්තෙන් සිතා රට වසා දැමිය යුතු බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
නමුත් ආර්ථික කළමනාකරණය පැත්ත සහ සෞඛ්‍ය පැත්ත තුලනය කර නොගත්තොත් කොරෝනාවෙන් මිය යනවාද බඩගින්නේ මිය යන්නේදැයි ප්‍රශ්නය මතු වන බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි දින කිහිපයේදී රෝගීන් 2000ට ආසන්න දෛනිකව වාර්තා වුවොත් ආර්ථිකය සහ සෞඛ්‍යය දෙකෙන් සෞඛ්‍ය ප්‍රශ්නය ඉදිරියට එනු ඇතැයි ද ඔහු කීය.

මේ තත්ත්වය මත අවම වශයෙන් දින 7 ක කාලයක් වූ රට වසා දැමිය යුතු බවත් එසේ කළහොත් ආර්ථිකය කළමනාකරණය කරගෙන රෝගීන් සංඛ්‍යාව අඩුකරගත හැකි බවත් ඔහු කියා සිටියේය.

හඳුනා නොගත් ආසාදිතයන් විශාල පිරිසක් තවදුරටත් සමාජයේ සැරිසරන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements