උපුල් තරංගට ඔස්ට්‍රේලියාවට - ලද ඇරයුම පිළිගනියි
gossip
,
gossip lanka
,
hot news
,
mini-gossip
,
News
,
Upul Tharanga
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකෙන උපුල් තරංග ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සමඟින් සම්බන්ධ වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් සහභාගි වන මල්ග්‍රේව් ක්‍රිකට් ක්‍රීඩා සමාජය සමග තරංග ගිවිසුම්ගත වී ඇති අතර, එම කණ්ඩායමේ නායකත්වය හිටපු ශ්‍රී ලංකා නායකයෙකු මෙන් ම ආරම්භක පිතිකරුවෙකු වූ තිලකරත්න ඩිල්ෂාන්ට හිමිව තිබීම ද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ උපුල් තරංග සඳහන් කළේ මෙවැන්නකි.
"මෙම ක්‍රීඩා සමාජයට සම්බන්ධ වෙන්න කියලා ඩිල්ෂාන්ගෙන් හා එම ක්‍රීඩා සමාජයෙන් ඇරයුමක් ලැබුණු නිසා එම තරගාවලියට සහභාගි වෙන්න මම තීරණය කළා. මෙම තරගාවලිය තියෙන්නේ ඔක්තෝබර් මාසයේ නිසා ඒ සඳහා පුහුණු වෙන්න කාලයක් තියෙනවා," යනුවෙනි.
ඒ අනුව, 2021/22 තරග වාරය සඳහා තරංග අදාළ කණ්ඩායම සමගින් එක්වීමට ගිවිසුම් ගතව තිබේ.
මේ අතර පසුගිය වසරේ පැවැති ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ක්‍රීඩා සමාජ විස්සයි-20 තරගාවලියේදී ද තිලකරත්න ඩිල්ෂාන්ගේ සුපිරි තුන් ඉරියව් දස්කම් හේතුවෙන් එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයට හැකියාව ලැබී තිබිණි.
GOSSIP GOSSIP LANKA
hot news news lanka
news lanka gossip lanka hot

