Advertisement


කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා විසින් හඳුන්වා දුන් බව කියන කොරෝනා වෛරසය සඳහා වූ දේශීය ආහාර අතිරේකය ගැන කිසිවක් නොදන්නා බව එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා සිටින බවද වැඩබලන අධ්‍යක්ෂ ප්‍රියන්ත ප‍්‍රියන්ත ජීවරත්න මහතා සඳහන් කළේය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ නම යොදා ගැනීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දීමක් සිදු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ පරීක්ෂණයක් ඉක්මනින්ම සිදුකළ යුතු බවත් පැවසූ ඔහු එවන් ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් සඳහා නිසි ක්‍රමවේදය අනුගමනය කළ කර ඇත්දැයි එහිදී හෙළි වනු ඇතැයිද පැවසීය.
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements