Featured News

Video Gossip

Advertisement


පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන සඳුදා (31 වැනිදා) දැනට පනවා තිබෙන සංචරණ සීමා ලිහිල් කරන්නේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජාතික කොරෝනා මර්දන ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

පවතින තත්ත්වය පිළිබඳව සිදු කරනු ලබන සමාලෝචනයකින් පසු අද (28 වැනිදා) සංචාරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹීමට නියමිතව ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයා ගැනීම පිණිස ඉකුත් 25 වැනිදා තාවකාලිකව සංචරණ සීමාව ලිහිල් කළ අවස්ථාවේ රටේ ජනතාව නගර වෙත එක්රැුස් වෙමින් අවදානම්කාරී ලෙස කටයුතු කරනු ලැබූ අතර එය සෞඛ්‍ය අංශවල කණස්සල්ලට ද හේතු වී තිබිණි.

මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ ග‍්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර රාජකාරීන්හි යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගේ හා තවත් රාජ්‍ය සේවාවන් කිහිපයක අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය ඊයේ (27 වැනිදා) පියවර ගත්තේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබිණි.

ඒ අනුව වරාය, ඉන්ධන, ප‍්‍රවාහන හා සැපයුම්, පොදු ප‍්‍රවාහන, දුම්රිය, දිසා ලේකම් කාර්යාල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, මහ බැංකුව, රාජ්‍ය බැංකු, රේගුව සහ පළාත් පාලන ආයතන ඇතුළු සේවාවන් කිහිපයක් මෙසේ අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබිණි.

අලූත් අවුරුදු කොරෝනා පොකුරේ මතුවීමත් සමග ඉතා කනගාටුදායක ලෙස, දිනයක් තුළ සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී තවත් මරණ 29ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙරේදා (26 වැනිදා* රාත‍්‍රි නිවේදනය කළේය.

එම මරණ 29ත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 1300 සීමාවට ළඟා වෙමින් 1298 දක්වා ඉහළ ගියේය.

එසේම කොරෝනා වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 1411දෙනකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අංශ ඊයේ පස්වරුවේ නිවේදනය කළේය.

එම පිරිසත් සමග කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලද මෙරට සමස්ත සංඛ්‍යාව ද 143789 දක්වා වැඩි විය.

මේ අතර චීන රජයේ ප‍්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු සයිනොෆාම් එන්නත් මාත‍්‍රා ලක්ෂ පහෙන් මාත‍්‍රා 375000ක් එහි පළමු මාත‍්‍රා ලබාගත් පිරිසට දෙවැනි මාත‍්‍රාව ලෙස ලබාදීම සඳහා වෙන් කළ බව ජාතික කොරෝනා මර්දනය ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය ඊයේ සඳහන් කළේය.

ඉතිරි එන්නත් මාත‍්‍රා 125000 ක ප‍්‍රමාණය මාතර, ගාල්ල සහ කුරුණෑගල දිස්ත‍්‍රික් දිස්ත‍්‍රික්කයන්හි ජනතාවට ලබාදීමට තීරණය කර ඇත. එම එන්නත්කරණ වැඩපිළිවෙළ ඊයේ සිට ආරම්භ කිරීමට නියමිත විය.

සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව මේ වෙන විට මෙරට පුද්ගලයන් 21470ට ලබාදී අවසන්ව ඇත. එහි දෙවන මාත‍්‍රාව ලබා දී ඇත්තේ මෙරට සිටින චීන ජාතිකයන් 2435 දෙනකුට පමණි.

එසේ මෙරට ජනතාවට ලබාදීම සඳහා රුසියාවෙන් ඇනවුම් කරනු ලැබූ ස්පුට්නික් එන්නත් මාත‍්‍රා තොගයෙන් මාත‍්‍රා පනස් දහසක් ඊයේ රාත‍්‍රියේ ලැබීමට නියමිතව තිබුණු බව රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පැවසීය.

විශ‍්‍රාම වැටුප, ගොවි හා ධීවර විශ‍්‍රාම වැටුප හා වැඩිහිටි දීමනා නොගත් අය සඳහා එම මුදල් ලබා ගැනීමට හෙට (28දා* සහ අනිද්දා (29දා* තැපැල් කාර්යාල විවෘතව තැබෙන බව තැපැල් දෙපාර්තුමේන්තුව පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements