Showing posts with label SLT-MOBITEL. Show all posts
පසුගිය වසරට සාපේක්ෂව 14.3% ක සුවිශේෂී වර්ධනයක් සහිතව බදු පසු ලාභය රු. බිලියන 2.1 ක් ලෙස වාර්තා කරමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහය සිය මූල්‍ය ප‍්‍රතිඵල, 2021 පළමු කාර්තුව සඳහා නිකුත් කර ඇත.
අදාළ කාලසීමාව තුළ සමූහයේ ආදායම රු. බිලියන 24.7 ක් දක්වා වර්ධනය වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 11.4% ක වර්ධනයකි. ෆයිබර් තාක්ෂණික සේවා, 4G LTE ජංගම අන්තර්ජාල සේවා, PEO TV සේවා මෙන්ම ධාරක දේශීය (Carrier Domestic) සේවාවන් වල ප‍්‍රගතිය මෙම වර්ධනයට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත. ජාත්‍යන්තර ඇමතුම් ආදායම් වල පහළ යාමක් වාර්තා වන අතරම, ගෝලීය අන්තර් සේවා (Global Transit) සහ ගෝලීය දත්ත සේවාවන් පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව කැපීපෙනෙන ලෙස වර්ධනය වී තිබේ.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________

